අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෙලි නාට්‍ය බදු ආදායම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේම අභිවෘද්ධියට යොදවනවා - විද්‍යුත් මාධ්‍ය රේටින් ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි

    දෙසැම්බර් 09, 2017

    රටේ දියුණුවට කළ හැකි දායකත්වය කාර්යභාරය හා වගකීම මාධ්‍ය මඟින් ඉටු කරනවද යන්න නැවත සිතා බැලිය යුතුව තිබෙන බවත් ටෙලිනාට්‍යවලින් ලැබෙන බදු ආදායම ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ අභිවෘද්ධියටම යෙදවීමට කටයුතු කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    වගකීම් හදුනාගෙන මෙම ආයතන සර්ථකව කටයුතු ඉටු කරනවා. පක්ෂ භේදයකින් තොරව රටේ  පුරවැසියන් වෙත කරන්න පුළුවන් දායකත්වය ඉටු කරනවා ද කියලා ඇසිය යුතුයි. රටේ දියුණුවට කළ හැකි දායකත්වය කාර්යභාරය හා වගකීම ඉටු කරනවද කියන කාරණය නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. අපිට මේ පිළිබඳව යම් පාලනයක් ඉටු කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. පාලනය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මර්දනය නොවෙයි. වර්තමානයේ කාලෝචිත අවශ්‍යතාවයක් වී තිබෙනවා, මාධ්‍ය ආයතනවල දායකත්වය ලබාගැනීම. සමාජය වශයෙන් පිරිහීම්, මිත්‍යාවට ලක්වීම හා රටේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දී තිබෙනවා. ජාතික රූපවාහිනය, ස්වාධීන රූපවාහිනය ලබන පාඩුව අඩු කරගැනීමට පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා. ටෙලිසිනේ ආයත්නය ලාබ ලබනව. ලාභය තුළින් පමණක් සාර්ථකත්වය මනින්න බලපොරොත්තු වෙන්නේ නෑ. මාධ්‍ය ආයතනවලින් සිදුවන මෙහෙය ගැනත් සිතිය යුතුයි. ගුනාත්මභාවයෙන් ඉහළ වැඩසටහන් හඳුන්වා දෙමින් ජතික නාළිකා විසින් ජනතාවට සේවයක්  ලබා දෙනවා.

    ගුවන්විදුලි සංස්ථාව හා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමත් පාඩුව අවම කරමින් සිටිනවා. පුවත්පත් මණ්ඩලය වැනි ආයතනවල, මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ පාඨමාලා ක්‍රියාත්මක වෙනවා.  ටෙලි නාට්‍ය බද්ද පිළිබඳව,චිත්‍රපට ක්ෂේත්‍රයට යම් නියාමනයට ආයතන තිබුණත්, ටෙලි නාට්‍ය නියාමනයට කිසිදු නීතියක් ස්ථාපිත වී නෑ. බදු පැනවීමේ ක්‍රියාමාර්ගය ආරම්භ වී තිබෙනවා.බදු ආදායමෙන් යෙදෙන මුදල් මෙම ක්ෂේත්‍රයට යෙදවීමට, සාකච්ඡා පවත්වලා අවසන් කෙටුම්පත ලබාදීමට කටයුතු කර තිබෙනවා.ටෙලි නට්‍ය ක්ෂේත්‍රයේ අභ්වෘද්ධියටම යෙදවීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය වල රේටින් ප්‍රශ්නයට වහාම මැදිහත් විය යුතුයි. මාධ්‍ය වාර්තා ප්‍රායෝගිකව සිදුවන්නේ නෑ. එය නරක තැනකට ගිහිල්ලා. වැරැදි රේටින් මත තීරණ ගන්නේ. රාජ්‍ය නාළිකා රටේ සියයට 95%ක් ආවරණය වෙලා තිබෙනවා.මේ පිළිබඳව රජය මැදිහත් විය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya