නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි සමීක්ෂණය ඉදිරියේ දී නිවැරැදි කර නැවත තේරීම් කටයුතු සිදු කරනවා - වැඩිහිටියන් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි

    නොවැම්බර් 27, 2017

    සමෘද්ධි සහනාධාරලාභී සමීක්ෂණය ඉදිරියේ දී නිවැරැදි කර නැවත තේරීම් කටයුතු සිදු කරන බව සමාජ සවිබල ගැන්වීම්,සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,සමාජ සවිබල ගැන්වීම්,සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය වැයශීර්ෂයේ පිළිතුරු කතාව කරමිනි.

    අඩු ආදයම්ලභී පවුල් හා ආබාධිත පුදගලයන් සහිත් අපවුල්, වැඩිහිටි ජනහනය, ඇබ්බැහි වූ අය, විශ්‍රාම වටුපක් දීමේ වැඩසටහන්, සහ රටේ සමාජ වැඩකරුවන් බිහි කිරීම වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ලක්ෂ 20ක් පවුල් සමඟ සමෘද්ධි ව්‍යාපරය කරගෙන යන්නයි.දැවැන්ත ප්‍රාග්ධනයක් අපේ බැංකුවලින් හදාගෙන තිබෙනවා.කුඩා මුදල් අවශ්‍ය්තා සපුරන්න නොහැකි වූ නිසා ගිණි පොළී කරුවන් ගම්වලට අතුළු වෙලා.

    අපි උත්සහ කරන්නේ, ඔවුන්ගේ ග්‍රහනයෙන් මුදව ගෙන ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රාග්ධන ණය ඔවුන්ට ලබාදෙන්න. අපේ එකම ඉලක්කය අපේ රටේ ලක්ෂ 50ක පවුල්වලින් ව්‍යවසායකයන් ඉන්නේ සියයට 93ක් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයන් ඉන්නේ. උත්සහ කරන්නේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙල සමඟ පවුල් සංවර්ධන ව්‍යාපෘතියක් හරහා උදව් කිරීමටයි.

    සමෘද්ධි සමීක්ෂණයට ගිය මුදල නාස්තියක් නොවේ.විශේෂඥ උපදෙස් ලබාගෙන විද්‍යාණුකූලව සකස් කළ ප්‍රශ්න පත්‍රයක් හැදුවේ. මේක කොම්පියුටරයට දනකොට වැරදිලා.සමහර අයට සහනාධාර නොලබුණා. මෙය අප නවැත්වුවා. නැවත මෙය නිරාකරණය කරනවා. නැවත තේරීම් කටයුතු කරනවා. ඉදිරියේ දී මේ කටයුත්ත නිවැරැදි කරන්න කටයුතු කරනවා.උතුරු නැඟෙනහිර බැංකු ආරම්භ කරනවා. අපි නිලධාරීන් බඳවා ගත්තා. වැඩිහියන් 9000ක් නිවාසවල ඉන්නවා. ඉදිරියේ දී 25000ක් පමණ තියාගන්න වෙනවා. සැප පහසුකම් ඇති වැඩහිටි නිවාස හදනවා.වැඩිහිටි ජනගහනය සියයට 14%ක්.ජපානයට පමණක් ඉන්න වැඩිහිටි ජනගහනය සිටින රට අපියි. වැඩිහිටියන් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.ආබාධිත දරුවන් වෙනුවෙන් පුනරුත්ථාපන වැඩසටහන් කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya