නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියාවේ කෘෂි ක්ෂේත්‍රයට ශ්‍රමිකයන් සම්බන්ධ කරගන්න ඉල්ලීමක් - නියමිත රැකියාවට පමණක් යා යුතුයි

    නොවැම්බර් 27, 2017

    කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට මෙරට ශ්‍රමිකයන් සම්බන්ධ කරගන්න ඉල්ලීමක් කර තිබෙන බවත් කොරියාවට යනවා නම් නියමිත රැකියාවට පමණක් යා යුතු බවත් ගිවිසුම් කඩ කළ නොහැකි බවත් අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    විදේශ රැකියා අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදය දී පිළිතුරු කතාව කරමින් ඇමැතිවරිය මෙසේ පැවසී ය.

    විදෙස් ගත ශ්‍රමිකයන් එවන මුදල්වලින් කිසියම් මුදලක් අය කරගන්නා බව වෙබ් අඩවි වල පළ වුණා කිව්වා. ඒ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා. අපේම ප්‍රතිපාදනවලින් පවත්වාගෙන යන කාර්යාංශය. රටට වැඩිම ආදයම උපයන්නේ විදේශ රැකියා කාර්යාංශයයි.

    විශ්‍රම වැටුප ලබදීමට අවශ්‍ය කටයුතු කෙරෙනවා. මේ වනවිට නීති කෙටුම්පත් දෙපර්තමේන්තුවට යවා තිබෙනවා. රජයට බරක් නොවී මේ කටයුතු සිදු වුණාම, යෝජන ක්‍රමය ක්‍රියාත්මක කරන්න බලපොරොත්තු වෙනවා. කොරියාවට යවන්නේ ධීවර අංශයටයි. 6600ක ශ්‍රමිකයන් ප්‍රමාණයක් කොරියාවට ගියා. වැඩියෙන් ම ගියේ ධීවර ක්ෂේත්‍රයටයි. ගිවිසුම් අලුත් කර අත්සන් කරනවා. රජ්‍යයන් දෙකෙ ගිවිසුම් කඩ කරන්න බෑ. ධීවර රැකියාවට ගියා නම් එය කරන්න ඕන. අපි ඉල්ලීමක් කර තිබෙනවා කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට මෙරට ශ්‍රමිකයන් සම්බන්ධ කරගන්න කියලා. 28000ක් පමණ ශ්‍රී ලාංකිකයන් කොරියාවේ රැකියා කරනවා.මේ වනවිට 162000යි විදෙස් රැකියා සඳහා ගොස් තිබෙන්නේ. පනතට පටහැනි බොහෝ දේ අප වෙනස් කළා. මොනම හේතුවකටවත් බොරු කියන්නේ නෑ. අමාත්‍යාංශ වැඩ කරන හැටි දන්නවා. සිදු වූ වැරදි නිවැරැදි කර තියෙනවා යැයි ද අමාත්‍යවරිය පැවසුවාය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya