නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාවන් සවිබල ගැන්වීම, ළමුන්ගේ රැකවරණය, සුබසාධනය වෙනුවෙන් වැඩපිළිවෙල රැසක්

    නොවැම්බර් 27, 2017

    කාන්තාවන් සවිබල ගැන්වීම මෙන් ම ළමුන්ගේ රැකවරණය සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු රැසක් සිදු කර තිබෙන බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසයි.

    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

    කාන්තාවන් සවිබල ගැන්වීමට ප්‍රතිලාභ රැසක් ලබාදීමට හැකි වුණා.ළමුන්ගේ රැකවරණය සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු රැසක් සිදු කර තිබෙනවා. ඉදිරියට මෙම වැඩසටහන් ජාතික මට්ටමින්, ග්‍රාමීය් අවශයෙන් සිදු කිරීමට
    බලාපොරොත්තු වෙනවා.වැන්දඹු හා ගෘහ මූලික ජාතික සැළැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා.

    ග්‍රාමීය ආර්ථිකය තුල කාන්තා දායකත්වය ලබාදීමට කටයුතු කරනවා. පළාත් පාලන ආයතන තුළ සියයට 25% ක කාන්තා දායකත්වය ලබාදීම අනිවාර්යය කර තිබෙනවා. මේ වනවිට දැනුවත් කිරීම් රාශියක් කරගෙන යනවා. ගංවතුර නාය යෑම්වලින් විපතට පත් කාන්තාවන් වෙනුවෙන්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මිලියන 75ක මුදලක් ලබාදී තිබෙනවා. කාන්තාවන් 2959 ක පිරිසකට මින් ප්‍රතිලාභ ලබාදී තිබෙනවා. දරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළා යැයි ද අමාත්‍යවරිය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya