අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර සංවර්ධනයට විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා

    නොවැම්බර් 24, 2017

    තිරසර සංවර්ධනයට විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති බවත් තිරසර පනතක් ඉදිරිපත් කිරීමට ක්‍රියාකරන බවත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

    තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය වැයශීර්ෂ විවදයේ දී පිළිතුරු කතාව කරමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    නීලහරිත අයවැයක් මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබෙනවා. තිරසර සංවර්ධනය යනු බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට එන සංකල්පයක්. හැම දෙපාර්තමේන්තුවක්ම අධීක්ෂණය කරමින් තිරසර සංවර්ධනයට දායක කර ගන්නා කාර්යයට අපේ දායකත්වය ලබා දෙනවා. ජාතික උද්භිද උද්‍යානයට රුපියල් මිලියන 10 ක් ලබාදී තිබෙනවා. ලෝකයේ ආදර්ශමත් මල් වත්තක් නුවරඑළියේ හදන්නට සැලසුම් කර තිබෙනවා. ගමේ සිටින කාන්තාවන්ට ස්වයං ව්‍යාපාරයක් විදියට මේ වගාවන් කළ හැකියි. අපේ අමාත්‍යාංශයෙනුත් පුහුණුව ලබාදීම සිදු කරනවා. මේවා භාවිතා කරන්න කියලා මං ජනතාවගෙන් ඉල්ලනවා.

    තිරසර සංවර්ධන අරමුණු 17 ළඟා කර ගැනීමට අපිටත් විශාල මුදලක් ලබාදී තිබෙනවා. තමන්ගේ ගමේ ආර්ථිකය දියුණු කිරීමට, පවුල තිරසර පවුලක් කිරීමට මේ මුදල් භාවිතා කළ යුතුයි. පාර්ලිමේන්තුවේ කතා කරනවාට වඩා බිම් මට්ටමින් මේවා ක්‍රියාත්මක කළ යුතුයි. අලියන් කොතරම් සිටිනවාද කියලා නිවැරදි අලි සංගණනයක් මෙතෙක් සිදු කර නැහැ.ගස් සිටුවිය යුතුයි. වනජීවී දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 500ක් ලැබී තිබෙනවා.මල්පැල වගාව දියුණු කිරීමට කටයුතු කරනවා.තිරසර අරමුණු සාර්ථක කරගැනීමට අයවැයෙන් විශාල මුදලක් ලබාදී තිබෙනව.ශ්‍රී ලංකාව පුරා අලි සංගනනයක් කිරීමට කටයුතු කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya