මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරට නව පොල් ත්‍රිකෝණයක් - නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා

    නොවැම්බර් 24, 2017

    මන්නාරම,යාපනය හා වව්නියාව කේන්ද්‍රකරගෙන නව පොල් ත්‍රිකෝණයක් හදුනගෙන තිබෙන බවත් එහි පොල් පැල ලක්ෂ දෙකක් සිටුවීම ආරම්භ කර තිබෙන බවත් වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසයි.


    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.

    පොල් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් තිබෙනවා. 2017 ටොන් 60469ක් නිෂ්පාදනය කාර තිබෙනවා. මිලියන 27000ක ආදයමක් ලබාදී තිබෙනවා. පොල් මිල උච්චාවචනය වීම වළක්වන්න බෑ. මන්නාරම,යාපනය හා වව්නියාව
    කේන්ද්‍රකරගෙන නව පොල් ත්‍රිකෝණයක් හදුනගෙන තිබෙනවා. පොල් පැල ලක්ෂ දෙකක් වගා කිරීම ආරම්භ කර තිබෙනවා. තල්ගස වෙනුවට පොල්ගස හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. චීන රජය සමඟ ගිවිසුමකට ඇවිත් චීනයට සෘජුවම තේ මඟින් දායකත්වය දෙන්න අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙනවා යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya