මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2020 වනවිට ඉඩම් ඔප්පු ලබාදීම යථාර්තයක් කරනවා - අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    නොවැම්බර් 24, 2017

    නව තාක්ෂණය ලැබුණු පසු ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ වේගය විසි ගුණයකින් වැඩි කරගැනීමට හැකියාව ලැබෙන බවත් කඩිනමින් ඔප්පු ලබදීමට හැකියාව ලැබෙන බවත් 2020 වනවිට ලක්ෂ සංඛ්‍යාවකට ඉඩම් ඔප්පු ලබාදීම යථාර්තයක් බවට පත් කරන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරය අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.


    ජනවාරි 8 වැනිදා නිහඩ විප්ලවයෙන් බිහි වූ ආණ්ඩුවේ ජනාමධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වුනා. මාධ්‍ය නිදහසේ කළු පැල්ලමක් තිබුණා. ඒ කළු පැල්ලමට තිත තිබ්බා.මේ භාරදූර ඉඩම් අමාත්‍යාංශය මට බාර දුන්නා.මට දක්ෂ කණ්ඩයමක් ලබුණා. අපි ඔක්කොම එක කණ්ඩායමක් ලෙස වැඩකරනවා. මාතෘභූමියේ උපදින හැම පුරවැසියෙකුටම තම දරු පවුල සමඟ ජීවත් වීමට තමන්ට කියා නිශ්චිත ඉඩමක් තිබිය යුතුයි.සමහරුන්ට ඉඩම් දැක්කම දෙමව්පියන් හා සහෝදරයන් පව අමතක වෙනවා. කඩිනම් ඉඩම් ඔප්පු ලබදීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සළකා කටයුතු කරනවා. 2020 වනවිට ලක්ෂ සංඛ්‍යාවකට ඉඩම් ඔප්පු ලබාදීම යථාර්ථයක් බවට පත් කරනවා. ඒ නිසා කඩිනමින් ඉඩම් මැණීම සිදු කළ යුතුයි. ඉඩම් කට්ටි ලක්ෂ 12ක් මැණීමට තිබෙනවා. අපේ රටේ ලක්ෂ ගණනක් අහිංසක මිනිස්සු බලාගෙන ඉන්නවා, තමන් භුක්ති විදපු ඉඩමට නිරවුල් ඔප්පුවක් කවදා ලබෙයි ද කියලා. 

    ඔප්පු ලබාදීමට සියලු කටයුතු සූදානම්. මූලික පියවර අරගෙන තිබෙනවා.2018 අරම්භයේ දී නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉඩම් පිළිබඳ නිවැරැදි දත්ත පද්ධතියක් සකස් කරගැනීමට හැකි වෙනවා. හංගලා තියෙන රජයේ ඉඩම් එළියට දාගන්න හැකියාව ලැබෙයි.නව තාක්ෂණය ලැබුණු පසු ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ වෙගය විසි ගුණයකින් වැඩි කරගැනීමට හැකියාව ලබෙන බවත් කඩිනමින් ඔප්පු ලබදීමට හැකියාව ලැබෙනවා.

    පළාත් පාලන ඡන්දය තියන්න අවශ්‍යයි. ඡන්දය තියන්න බැරි වුණාට එහි සීමා නීර්ණවල සිතියම් වේගයෙන් සකස් කර දීමට හැකි වුණා.6500ක් එල් ආර් සී ඉඩම් ඔප්පු සහ බලපත්‍ර ලබා දීමට හැකි වුණා. පසු ගිය මාස 4ට මිලියන 240ක් ආදායමක් ලබාගන්න හැකි වුණා.ආයෝජකයන්ට ඉඩම් ලබාගැනීමට රස්තියාදු වෙනවා. මේ රස්තියාදු ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වාදීමාට බලාපොරොත්තු වෙනවා.මන්ත්‍රීවරුන්ගේ රක්ෂණයට අලුත් ක්‍රමයක් ගැන සාකච්ඡා කරමින් යනවා . රජයේ කිසිදු ඉඩමක් මේ රජය පවතින තුරු සින්නක්කරව  කිසිදු විදේසිකයෙකුට දෙන්නේ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya