අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු භේදයකින් තොරව සියලු පක්ෂ එකතු වී රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුයි

    නොවැම්බර් 23, 2017

    නිදහසින් පසු පැවැති සියලු රජයන් අධ්‍යාපනයට ලබාදුන් ප්‍රමුඛතාවය නිසා අධ්‍යාපනයේ දැවැන්ත දියුණුවක් ලබා තිබෙන බවත් කිසිදු භේදයකින් තොරව සියලු පක්ෂ එකතු වී රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුව ඇතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා  අද (23) පාර්ලිමේන්තුවේ අධ්‍යාපන වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසී ය.

    ප්‍රාථමික මට්ටමේ සිටම පාසල් දරුවන්ගේ ශාරිරික යෝග්‍යතාවය බැලිය යුතුයි. පාසල් මට්ටමින් ම ක්‍රීඩාව ආරම්භ විය යුතුයි. එවිට ජාත්‍යන්තර ක්‍රීඩා ඉලක්ක ජයගත හැකියි. ක්‍රීඩාවට හා ශාරීරික අධ්‍යාපනය විෂය න්‍යායාත්මක කරුණින් බහැරව ගිහිල්ල දරුවන්ට සැබෑ අත්දකීම ලබාදිය යුතුව තිබෙනවා. ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශාය එකට කටයුතු කළ යුතුයි.නිදහසින් පසු අධ්‍යාපන පද්ධතිය දැවැන්ත දියුණුවක් ලබා තිබෙනවා.සමස්තයක් ලෙස පිළිගත යුතුයි, සියලු රජයන් අධ්‍යාපනයට ලබාදුන් ප්‍රමුඛතාවය නිසා අධ්‍යාපනයේ දැවැන්ත දියුණුවක් ලබා තිබෙනවා.

    ගුරුවරු බොහෝ දෙනෙක් වැටුපට නොවේ වැඩකරන්නේ. මෙවැනි රජයක බලාපොරොත්තුව රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමයි. එය සිදු විය යුතුයි. කුමන ආණ්ඩු බලයට පත් වුණත් වෙනස් නොවන ජතික ප්‍රතිපත්තියක් සකස් කරගැනීමට හැකියාව ලැබී නෑ. මේ වගකීම සියලු දේශපාලන පක්ෂ භාරගත යුතුයි. අපි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට භේදයකින් තොරව එයට සියලු පක්ෂ දායකත්වය ලබාදිය යුතුව තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya