අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන් රටවල් පාරම්පරික දේ ආරක්ෂා කරගන්නවා - ජනපති

    නොවැම්බර් 23, 2017
    ලෝකයේ වෙනත් රටවල් තම තමන්ගේ රටවල්වල පාරම්පරික දේවල් ආරක්ෂා කරගැනීම සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන නමුත් අපේ රටේ එවන් තත්ත්වයක් දක්නට නොමැති බවත් තාක්ෂණය සමග ඉදිරියට යමින් අධ්‍යාත්මික පිරිහෙන අයුරින් කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (23) කොළඹ වෝටර්ස් එජ් හි ආරම්භ වූ පාරම්පරික හා අනුපූරක වෛද්‍ය සම්මන්ත්‍රණය, අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට එක්වෙමිනි. අදින් ආරම්භ වන මෙම සමුළුව හෙට (24) සහ අනිද්දා (25) යනදිනවලදී පෙරුවරු 9.00 සිට පස්වරු 8.00දක්වා විවෘත ව පවතී. 
     
    පාරම්පරික වෛද්‍යවරයාගෙන් ලැබෙන සැලකීම මෙන් ම ඔවදන්වල වටිනාකම මුදලින් තීරණය කළ නොහැකි බවත් ඒ සඳහා මුදලක් නියම නොකළ බවත් පෙන්වාදෙන ජනාධිපතිවරයා බටහිර හා පාරම්පරික වශයෙන් වෛද්‍යවරු පන්තිමය වෙනසක් නොදැක්විය යුතු බවත් පෙන්වාදෙයි.
     
    බටහිර වෛද්‍ය ක්‍රමය ආරම්භ වීමට හෝ සොයාගැනීමටත් පෙර සිටම ලෝකයේ බොහෝ රටවලට දේශීය තමාගේ රටට ආවේණිය වෛද්‍ය ක්‍රමයන් පැවතියා. ලෝකයේ දියුණුව, තාක්ෂණයේ දියුණුම සමගම ඇති වූ බටහිර වෛද්‍ය ක්‍රමයේ දියුණුවත් සමඟ එය පහසු මෙන් ම ඉක්මන් ක්‍රමයන් බව හේතුවෙන් ඒ සඳහා නැඹුරුවූවා. මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්‍රමය පිළිනොගන්නා තත්ත්වයට පැමිණ තිබෙනවා යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේය.
     
    දැනුම හුවමාරු කරගැනීම මෙන් ම අත්දැකීම් ඇගයීමට ලක් කිරීමට ද සිදු කළ යුතු බව පෙන්වාදෙන ජනාධිපතිවරයා බටහිර වෛද්‍ය ක්‍රමය තාක්ෂණික මෙවලම් සමග ඉදිරියට යමින් පවතින නමුත් පාරම්පරික, දේශීය රහස් වැදගත් දේවල් සියල්ල මහපොළවට යටපත්වෙමින් පවතින බවත් පාරම්පරික දැනුම තාක්ෂණික මෙවලම් සමග ඉදිරියට ගෙන යන්නේ කෙස්ද යන්න පිළිබඳව සිතා බැලිය යුතු බවත් අවධාරණය කළේය.
     
    තාක්ෂණය දියුණු වෙන්නට වෙන්නට සදාචාරය යටපත් වන බවත් ඒ හරහා බටහිර වෛද්‍යවරයාට හා පාරම්පරික වෛද්‍යවරුන් ද දෙආකාරයකින් සැලකුම් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     
    හෝමියෝපති, ඉරානය, මියන්මාරය, චීනය ඇතුළු රටවල් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ව හැදෑරීම් කටයුතු සිදු කරමින් පවතින බවත් ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය වෛද්‍ය රාවණා යුගය, බුද්ධදාස රජ දවස දක්වා ඈත අතීයට දිවයන්නක් බවත් මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    චීන පාරම්පරික වෛද්‍ය ක්‍රමයන් සඳහා ලෝකය පුරා ඉහළ පිළිගැනීමක් ඇතිවෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවේ ද බටහිර වෛද්‍ය ක්‍රමය තුළින් සම්පූර්ණ සුවය නොලැබිය හැකි පිළිකා, වකුගඩු, දියවැඩියා වැනි රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුකරනු ලබන පාරම්පරික වෛද්‍යවරු ඇති බවත් පෙන්වාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට පුහුණුව හා පලපුරුද්ද ලබාදීම රජයේ වගකීම වන බවත් පෙන්වා දුන්නේය.
     
    මෙවන් වැඩපිළිවෙළ අත්දැකීම් හුවමාරු කරගනිමින්, අත්දැකීම් ලබාගැනීම මෙන් ම ලෝකය සමග සම්බන්ධවීමට අවස්ථාව උදාකරදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට මැති ඇමැතිවරු, විදෙස් නියෝජිත පිරිස් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya