මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    World No Tobacco Day සම්මානයෙන් ශ්‍රී ලංකාව තෙවන වරටත් පිදුම් ලබයි

    නොවැම්බර් 23, 2017
    මද්‍යසාර සහ දුම්කොළ භාවිතය අවම කිරීමට කැපවන සංවිධාන සහ පුද්ගලයින් ඇගයීමට ලක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්ෂිකව පිරිනමනු ලබන විශේෂිත ඇගයීම් සම්මානය වන World No Tobacco Day සම්මානයෙන් ශ්‍රී ලංකාව තෙවන වරටත් පිදුම් ලබයි. 
     
    මෙවර එම සම්මානය දුම්කොළ හා මද්‍යසාර පිළිබද අධිකාරියට හිමිව ඇති අතර අද (23) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර ආසියා කලාපයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා ආචාර්ය පුනම් කෙට්ට්‍රාපල් සිං මහත්මිය විසින් සම්මානය නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත භාරදුන්නාය.
     
    ජනාධිපතිතුමා විසින් එම සම්මානය දුම්කොළ හා මද්‍යසාර පිළිබද අධිකාරියේ සභාපති පාලිත අබේකෝන් මහතා වෙත පිළිගැන්වීය.
     
    සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප 06 කින් මද්‍යසාර සහ දුම්කොළ මර්දනයට කටයුතු කරනු ලබන පුද්ගලයින් සහ සංවිධාන ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනමනු ලබන අතර මද්‍යසාර හා දුම්කොළ භාවිතය ක්‍රමානුකූලව අඩු කිරීමෙන් ඒවා භාවිතයෙන් වන හානිය අවම කර සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළ උදෙසා ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී එම සම්මානයෙන් පිදුම් ලැබීය. 2016 වසරේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත එම සම්මානය පිරිනැමිණි.
     
    මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර ආසියා කලාපයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා ආචාර්ය පුනම් කෙට්ට්‍රාපල් සිං මහත්මිය ප්‍රකාශ කළේ මද්‍යසාර හා දුම්කොළ භාවිතය පාලනය කිරීමට කැපවීම පිළිබද අද ශ්‍රී ලංකාව ලෝකයේ ආදර්ශවත් රටක් බවට පත්ව ඇති බවයි.
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya