අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම පිළිබඳ ඇති වී තිබෙන දුර්මතය නැති කළ යුතුයි

    නොවැම්බර් 23, 2017

    පරිගණකය මූලික වූ අධ්‍යාපනයක් ලබදීම වැදගත් අවශ්‍යතාවක් බවත් පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම පිළිබඳ ඇති වී තිබෙන දුර්මතය නැති කළ යුතු බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    අධ්‍යාපන වැයශීර්ෂ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    අධ්‍යාපන අමාත්‍යාංශය වැඩ හොඳින් සිදු කෙරෙනවා. ''ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය'' යටතේ ආරම්භක පාසල තෝරාගත්තේ මගේ ආසනයයි. ආදර්ශමත් පාසලක් බවට පත් කිරීමට එකඟ වුණා. පළමු අදියරට ටෙන්ඩර් කැඳවා තිබෙනවා.බණ්ඩාරගමට ජාතික පාසලක අවශ්‍යතාවයක් තිබෙනවා.

    පරිගණක ටැබ් ලබාදීම ගැන යෝජනාවක් තිබුණා. එය අනවශ්‍ය දෙයක් ලෙස ඇතැමුන් දකිනවා. ලෝකයේ අධ්‍යාපනය හා දැනුම ලබදීමේ ක්‍රමවේද වෙනස් වී තිබෙනවා. පරිගණකය මූලික වූ අධ්‍යාපනයක් ලබාදීම වැදගත් අවශ්‍යතාවක්. විෂය මූලික අන්තර්ගතය සහිතවයි එය ලබාදෙන්නේ. ජාත්‍යන්තර විභාග පරිගණක මත පදනම්ව සිදු වෙනවා. පාසල් දරුවන්ට ටැබ් පරිගණක පිළිබඳ ඇති වී තිබෙන දුර්මතය නැති කළ යුතුයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya