මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිල ඇදුම් වවුචර් නිසි පරිදි බෙදා දෙනවා- අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 23, 2017

    පාසල් දරුවන්ගේ නිලඇදුම් මිලදී ගැනීමට ලබාදෙන නිල ඇදුම් වවුචර් පත් මෙවර ද නිසි පරිදි බෙදා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදය අතරතුර පැවසී ය.

     

    නිල අදුම් වවුචර් පත් තවමත් මුද්‍රණය වන බවත් පාසල්වලට නිල ඇදුම් වවුචර්පත් තවමත් ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍යනලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    කොටසක් නිල ඇදුම් වවුචර් මුද්‍රණය කර අවසන්. අප නිල ඇදුම් වවුචර් නිසි  කලට බෙදනවා. වවුචර් බෙදන කටයුතු ආරම්භ කර තිබෙනවා. වවුචර් ඈත ප්‍රදේශවලට පිටත් කර අවසන් බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

    එමෙන් ම 2018 වසරේ ලක්ෂ දෙකක් අයි පෑඩ් (Tab) පාසල්වලට බෙදා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා  කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya