මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයට විප්ලවයක් ඇති කළ යුතු කාලය එළැඹී තිබෙනවා

    නොවැම්බර් 23, 2017

    අධ්‍යාපනයට විප්ලවයක් ඇති කළ යුතු කාලය එළැඹී තිබෙන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

    අවුරුද තිහක යුද්ධයක් තිබුනා. නිලධාරීන් හොයා ගන්න අමාරු වුණා. ජාතිවාදී හැගීම් අවුස්සන් කතා කරනවා. ජාතික කොඩියට සෑම කෙනෙක් ම ගරු කළ යුතුයි. උතුරේ ජනතාවට මාන්කුලම් පන්සලක් තිබුණා කියලා ජාතික සමඟිය නැති වෙන්නේ නෑ. සියලු ආගම් හොඳ දේ කියා දෙන්නේ. අපි අතීතය අමතක කර අනාගතය දෙසට යන්න නම් එකතු වී කටයුතු කළ යුතුයි. අන්තවදයට රජය ඉඩ දෙන්නේ නෑ.

    මේ රජය ආවාම පළාත් සභාවලට මුදල් ලබාදීමට කටයුතු කර තිබෙනවා. උතුරට අසාධාරණයක් සිදු නොවන ලෙස කටයුතු කරනවා. අධ්‍යාපනයට විප්ලවයක් ඇති කළ යුතු කාලය එළැඹී තිබෙනවා. දරුවන්ට වඩා දෙමව්පියන් ටියුෂන් යනවා. දරුවන්ගේ කැමැත්තට නොවේ අධ්‍යාපන ක්‍රමය හැඩගැසී තිබෙන්නේ. අපිට අනාගතය තිබෙනවා ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya