කතානායකවරයා මේ බව ප්‍රකාශ් අකළේ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීපදෙනෙකු පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු බවට ප්‍රකාශ සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පියවරක් ගත යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා කතානායකවරයාට පවසා සිටියේ ය.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා-පාර්ලිමේන්තුව ජනතා අයිතීන් සුරකින පාර්ලිමේන්තුවක්. පුරවසියන්ගේ අයිතිය සුරකින උත්තරීතර ආයතනයක් පාර්ලිමේන්තුව. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වගකීමක්. අපි පාර්ලිමේන්තුවේ අභිමානය අභියෝගයට ලක්වන සෑම කරුනක් ගැනම සොයාබැලිය යුතුයි.පාර්ලිමේන්තුව තවමත් මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනයාණුකූලව කටයුතු කර නෑ.මේ ප්‍රශ්නය වරප්‍රසාද කාරක සභාවට යොමු කරලා නිසි පියවර ගන්න.
එයට පිළිතුරු දෙමින් වරප්‍රසාද කාරක සභාවට යොමු කර යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසී ය.