අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන ගමට ආර්ථික ශක්තිය ගෙනයන වැඩපිළිවෙල ගොඩනැඟුවා

    නොවැම්බර් 18, 2017

    රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ගමට ආර්ථික ශක්තිය ගෙනයන වැඩපිළිවෙල ගොඩනගා තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (18) පාර්ලිමේන්තුවේ දී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු වැයශීර්ෂයේ විවාදයට එක්වෙමිනි.

    රටේ ප්‍රතිපත්තිය හා තරුණ කටයුතු පිළිබඳව කටයුතු කරන ප්‍රමුඛ අමාත්‍යාංශයක්. රටේ පැහැදිළි වෙනසක් කරන්න කටයුතු කර තිබෙනවා. රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ගමට ආර්ථික ශක්තිය ගෙනයන වැඩපිළිවෙල ගොඩනගා තිබෙනවා. තරුණ පරපුර ශක්තිමත් කරන කාර්යභාරය ආයතන ගණනාවකින් මෙහෙවර ඉටු කරනවා.

    අපේ ආර්ථිකය කඩා වැටිලා කියනවා. ජීවනවියදම වැඩි වුණා කියනවා. අප බාර ගත්තේ ණය බරෙන් මිරිකී තිබුණු රටක්. ඒකාධිපතිවාදයෙන් මිය යනවාද කියලා ජනතාව සිතාගෙන හිටිය රටක් බාරගත්තේ.හොඳ ආර්ථික වර්ධනයක් ගෙන යෑමට හැකි වුනා. අද ගමේ වැඩ වෙනවා. ගමේ සංවර්ධනයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. නියම සංවර්ධනය ගමට ගෙන යන්න වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල වැඩි කර තිබෙනවා.

     

    ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාදාමය මිලියන 17108ක් වැය කර තිබෙනවා ව්‍යාපෘති 51000කට වඩා ක්‍රියාත්මක කරගෙන යනවා. සියයට 99%ක ප්‍රගතියක් ලබා තිබෙනවා. ගමේ සංවර්ධනය පියවරෙන් පියවර ගෙන යනවා. තරුණයන් ශක්තිමත් කරන්න මේ අයවැයෙන් කටයුතු කර තිබෙනවා. තරුණ ජවයට නිසි තැනක් දී තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya