මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන සැමට ප්‍රතිලාභ බෙදන අයවැයක්

    නොවැම්බර් 18, 2017

    සියලු දෙනා එකතු වී අන්තවාදය,බෙදුම්වාදය, ජාතිවාදය රටෙන් තුරන් කිරීමට කටයුතු කළ යුතු බවත් ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන සැමට ප්‍රතිලාභ බෙදන අයවැයක් බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට එක්වෙමිනි.

    ගිංතොට සිදුවීම තරයේ හෙළා දකිනවා. මේ රට ජාතීන් වශයෙන් ආගම් වශයෙන් බෙදිලා, රට ඉදිරියට ගෙන යන්න බෑ. ජාතිවාදය අන්තවාදය මේ රටෙන් තුරන් කිරීම අවශ්‍යයි. මේ ජාතිවාදය නිසා වසර තිහක යුද්ධයක් ඇතිවෙලා. දහස්  සංඛ්‍යාත  ජනතාවක් ඝාතනයට ලක් වුණා.

    දැන් සාමය ලැබී තියෙන්නේ. ඉන් ප්‍රයෝජනයක් ගත යුතුයි. අප ශ්‍රී ලාංකිකයන් ලෙස රට ඉදිරියාට ගෙන යෑමට වැඩ කළ යුතුයි. සියලු දෙනා එකතුවෙලා අන්තවාදය,බෙදුම්වාදය, ජාතිවදය රටෙන් තුරන් කිරීමට කටයුතු කළ යුතුයි. එවිටයි මේ රට සංවර්ධනය වන්නේ.

    දැන්වත් එකතුවෙලා. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සිහිනය සැබෑ කරන්න වැඩ කරමු. මෙවර අයවැය ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන සැමට ප්‍රතිලාභ බෙදන අයවැයක් ඉදිරිපත් කර තිබෙන්නේ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අඩු කර තිබෙනවා. තවදුරටත් ජනතාවට සහන ලබාදිය හැකියි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශාල ප්‍රතිපාදනයක් ලබාදී තිබෙනවා. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න ජනාධිපතිතුමා අපට උපදෙස් ලබාදී තිබෙනවා. 

     

    ඉරණමඩු කඳවුර අප ඉවත් කර නෑ. කිසි දෙයක් කර නෑ . නෞකා ලබාගැනීමෙන් ආරක්ෂාව වැඩිකරගන්න පුළුවන්. තවමත් සාකච්ඡා කරනවා. දෙසැම්බර් 31 පෙර කියන්න ඕන. වසර තුනකින් පස්සේ නැව් ලැබෙන්නේ. එය අලුත් නෞකාවක්. කැබිනට් එකට ඉදිරිපත් කරලා, සාකච්ඡා වෙනවා. දැන් ජාතික ආරක්ෂාව කොතැනට ද යොමු කරන්නේ කියලා බලන්න ඕන යැයි ද අමාත්‍යවරයා පැවසී

    ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya