මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධ අඩු කිරීමට හැකිවීම ජනතාව ලැබූ ජයග්‍රහනයක් - ආර්ථිකය දියුණු කරන්න සාමය හා ආරක්ෂාව අවශ්‍යයි

    නොවැම්බර් 18, 2017

    අපරාධ අඩු කිරීමට හැකිවීම ජනතාව ලැබූ ජයග්‍රහනයක් බවත් ආර්ථිකය දියුණු කරන්න සාමය හා ආරක්ෂාව අවශ්‍ය බවත් ඒ සඳහා තමා මෙන් ම අමාත්‍යාංශය බැදී සිටින බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

    අමත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වැය ශීර්ෂය විවාදයට එක්වෙමිනි.

     

    මේ අයවැය අයිති රටේ ජනතාවටයි. ඒ නිසා අපි අයවැය හදන්නේ, කතාකරන්නේ, සියයට සියයක් මහජනතාව වෙනුවෙන්. ලෝකය එක්ක ගනුදෙනු කරද්දි රටක ආර්ථිකය දියුණු වෙනවා. ආර්ථිකය දියුණු වෙනවා කියන්නේ මහජනතාව වෙනුවෙන් සහ මහජනතාව වියදම් කරන ප්‍රමාණයත් ඉහළ යනව කියන එකයි.19 ව්‍යවස්ථාවෙන් තමයි ස්වාධීන පොලිස් කොමිෂම නැවත ඇති වන්නේ. එය තමයි මෑත කාලීනව පොලීසිය වෙනුවෙන් ගත්තු හොඳම ප්‍රතිපත්තිමය තීන්දුව.

    පොලීසියට දේශපාලන බලපෑම් එල්ල වී තිබුණා.අපට අවශ්‍ය වුනා ස්වාධීනව කටයුතු කරන පොලීසියක් ලංකාව තුල බිහි කරන්නයි. අද මාධ්‍යයට නිදහස ඇති වෙලා තියෙනවා. එදා මාධ්‍ය බය වෙලා හිටියා. බල අපරාධ විසඳීම හොඳ පැත්තකට ගිහිල්ලා. 2014 බල අපරාධ 50962ක් වාර්තා වුණා. 2016 දී එය 36337කට අඩුවෙලා. එය සියයට 37%කින් අඩුවෙලා. මුල් මාස 10 වාර්තා වුණා 30,350ක්. අපරාධ විසඳීම 2017 වනවිට ප්‍රතිශතය 72%ක් වෙලා. මෙය පොලීසිය පැත්තෙන් ලැබූ විශාල ප්‍රගතියක්. ජනතාව ලැබූ විශාල ජයග්‍රහනයක්.මෙය හොඳ ප්‍රවණතාවක්.

    මූල්‍ය අපරාධ කොට්ඨාශය, අපි ජනතාවට දුන් පොරොන්දුවක් තිබ්බා. වංචා දූෂණය කළ අය රට ඉදිරියට ගේනවා කිව්වා. ඒ වෙනුවෙන් මෙම කොට්ඨාශය පිහිටුවනු ලැබුවා. ඝාතන පැහැර ගනීම් ගැන විමර්ශන සිදු කරගෙන යනවා. මත්ද්‍රව්‍ය ප්‍රශ්නය රටෙන් තුරන් කිරීමට කටයුතු කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ලොක්කො සැඟවී සිටින රටවලින් ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිම සමාවක් නෑ. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීම වෙනුවෙන් පොලීසිය තුළ විශේෂ දිසාවක් පිහිටුවා ඒ සඳහා කටයුතු කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya