මන්ත්‍රීවරයා මේ බව අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ආරක්ෂක අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.
ජාතිවාදය පැන නගින්නේ කොතැනද එය පරාජය කළ යුතුයි. ඒ සඳහා පෙළ ගැසිය යුතුයි. උතුරේ ද දකුණේ ද සැළකිල්ලට නොගෙන ජාතිවාදය පරජය කළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් කවුරුත් කවර පන්නයේ වුවද ජාතිවාදයට එරෙහි විය යුතුව තිබෙනවා. මේක ඇතුළේ දේශපාලනය තියෙනවා. මෙය සැමගේ කාර්යභාරයක් යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.