අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හමුදා ක්ෂේත්‍ර තාක්ෂණයෙන් ශක්තිමත් කළ යුතුයි - ලෝකයේ රටවල් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා

    නොවැම්බර් 18, 2017

    කිසිදු පරීක්ෂණයකට විදෙස් විනිසුරන් පත් කරන්නේ නෑ. සෑම විටම රටට නිදහස ලබාදුන් ඊට දායක වූ සියලු දෙනා ආරක්ෂා කිරීම අපේ යුතුකමක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (18) පාර්ලිමේන්තුවේ දී  ආරක්ෂක අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට එක්වෙමිනි.

    ලෝකයේ රටවල් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයට ලබාදී තිබෙනවා. එය ජාතික ප්‍රමුඛතාවක් ලෙස පිළිගෙන තිබෙනවා. ආරක්ෂාව සඳහා වෙන්කරන මුදල සෑම රටකම වැඩි වී තිබෙනවා. ජාතික ආරක්ෂාව නැති වුණොත් අර්ථිකය හෝ සමාජය හදාගන්න බෑ. යුද්ධයෙන් ජන ජීවිතයට සිදු වූ බලපෑම ගැන අපට අත්දැකීම් තිබෙනවා.

    රටේ ත්‍රස්තවාදය රටේ බිහි නොවීමට ජාත්‍යන්තර ත්‍රස්තවාදය රට තුළට ඒම වැලැක්වීමට කටයුතු කළ යුතුයි. ආරක්ෂ අංශ ආයතන අපි අනිවාර්යෙන් ම ශක්තිමත් කළ යුතුයි. මේ ආයතන ශක්තිමත් කිරීමට අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. කිසිදු පරීක්ෂණයකට විදෙස් විනිසුරන් පත් කරන්නේ නෑ. සෑම විටම රටට නිදහස ලබාදුන් දායක වූ සියලු දෙනා ආරක්ෂා කිරීම අපේ යුතුකමක්.

    ජාත්‍යතරය පවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදි තිබෙනවා. නාවික හමුදාවට නැවක් ගන්න එක ආන්දෝළණයක් ඇති කරලා. මෙහි අවශ්‍යතාවය තීරණය කරන්නේ නාවික හමුදාව. අපේ යුතුකම එම නැව අරන් දෙන එකයි. ජනාදිපතිතුමාට මඩ ගහන්න යොදා ගනීම ගැන කණගාටු වෙනවා. ගුවන් නියමුවන්,ගුවන් පාලකයින් වැඩි වැඩියෙන් පුහුණු කළ යුතුයි. ජාතික සංවර්ධන කටයුතු සඳහා යුද,ගුවන් හා නවික හමුදාව යොදා ගත හැකියි.හමුදා අංශවලට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න ඕන. නවීන තාක්ෂණය, නවීන උපකරණ හමුදා ක්ෂේත්‍රයන්ට හා පොලීසියට ලබාදිය යුතුයි. රණවිරු සුබසාධනය රජය විසින් අනිවාර්යෙන් ම සිදු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya