අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනන්‍ය ආර්ථික කලාපය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් - නෞකා සම්බන්ධයෙන් වැරදි වැටහීමක් අතිකරගන්න එපා

    නොවැම්බර් 18, 2017

    රුසියාවෙන් මිලදී ගන්නා නෞකාව සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති නොකරගන්නා ලෙසත් මෙය රජයන් දෙක අතර සිදුවන වැඩපිළිවෙලක් බවත් සතපහක්වත් හොරකම් සිදුවීමට ඉඩක් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (18) පාර්ලිමේන්තුවේ දී  ආරක්ෂක අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට එක්වෙමිනි.


    2009 පස්සේ පහර දෙන නැව් වෙනුවට කලාපයේ අරක්ෂවට වැඩපිළිවෙලක් ගෙනාවා. අපේ භූමිය වගේ අටගුණයක් තිබෙනවා අනන්‍ය ආර්ථික කලාපය. කුඩා බෝට්ටු අරන් ගිහිල්ලා සාගර කලාපය ආරක්ෂා කරනන බෑ. මෙම යුද නෞකාව සියලු කාරණාවලට අවශ්‍ය විදියට හදලා තියෙන්නේ. අනන්‍ය ආර්ථික කලාපය ආරක්ෂා කරන්නයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ආරක්ෂාවට විශාල නැව් ගණනාවක් අවශ්‍ය වී තිබෙනවා. දැනට නැව් කීපයක් තිබෙනවා.

    රුසියාවෙන් මිලදී ගන්නා නෞකාව සියලු ආයුධවලින් සපිරි නවීන නෞකාවක්. එය පරණ නෞකාවක් නොවේ. කටකතා කියන්න එපා. මේ සම්බන්ධව තවත් සාකච්ඡා කරගෙන යනවා. දෙසැම්බර් 31කට පෙර අනුමැතිය ලබදිය යුතුයි. මෙතන සතපහක හොරකමක් කරන්න ඉඩක් නෑ. රජයන් දෙකක්  අතර සිදුවන වැඩපිළිවෙලක්. මේ ක්‍රියාමාර්ගය පිළිබඳ වැදගත් අවබෝධයක් තබා ගන්න. මේ ක්‍රියාදාමය ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්න එපා.මොකටද නැව් ගන්නේ කියලා අහනවා. රුසියාවෙන් දුන්නේ ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙසයි. සමුද්‍ර නිරීක්ෂණ නෞකා දෙකක්. කිසිම ආයුධයක් සවිකර තිබුණේ නෑ. 

    බැදුම්කර ගණුදෙණුව ගැන ප්‍රශ්න අහලා විශාල වැඩකොටසක් කෝප් කමිටුවේ දී සිදු කළා. 41 නම් ගෑවිලා තියෙනවා,  ඒ නම් එළියට දෙන්න. හඩපට එළියට දෙන්න. අල්ලස් කොමිෂම හරහා  පරීක්ෂණ කරන්න. ජනතාවගේ දේවල් මංකොල්ල කන්න ඉඩ දෙන්නේ නෑ. අපි කාටවත් හොරෙන් කතා කරලා නෑ යැයි ද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya