මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල,ගිංතොට සිදුවීම කණගාටුදායකයි - තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න - මන්ත්‍රී මුජබර් රහුමාන්

    නොවැම්බර් 18, 2017

    ගාල්ල,ගිංතොට ප්‍රදේශයේ කණගාටුදායක සිද්ධියක් සිදු වී ඇති බවත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නැවත මේ රට ජාතිවාදයෙන් ගිනි තැබීමට ඉඩ නොතබන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසයි.

    මන්ත්‍රීවරයා  අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, අයවැය 2018 වැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    අද විවාදයේ කියවුණේ ටෙලිෆෝන් සංවාදය ගැනයි. අපි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කෝප් කමිටුවේ සභාපත් කළා. සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මතයි වාර්තාව ඉදිරිපත් කළේ. සංවාද මොනවා තිබුනත්, අවසන් වාර්තාවක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබුණා.පාර්ලිමේන්තුව කෝප් වාර්තාව පිළිගත්තා. ජනාධිපති විමර්ශන කොමිෂමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. අගමැතිතුමා කොමිෂමට යන්න ලෑස්තියි. අගමැතිතුමා ස්වෙච්ඡාවෙන් යනවා. අද විනිවිදභාවයක් තිබෙනවා.

    එහෙම දේශපාලන වාතාවරණයක් හදලා තියෙනවා. කොප්  කමිටුවේ දී ස්වාධීනව වැඩකරන්න පසුබිම හදන්න හැකි වුණා. ගිංතොට ප්‍රදේශයේ කගාටුදායක් සිද්ධියක් වෙලා තියෙනවා. මේ රටේ ජාතික සමඟියට ස්ථීරසාර වැඩපිළිවෙලක් යනවා.

    ගාල්ල ගෙවල් විනාශ කරලා. මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවෙන්න දෙන්න එපා. තරාතිරම බලන්න එපා. නීතිය ක්‍රියාත්මක කරන්න. ආපසු මේ රට ජාතිවාදයෙන් ගිනි තියන්න ඉඩ තියන්න එපා. වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. අලුත් රටක් පටන් ගෙන තියෙනවා. ඒකට කකුළ් මාට්ටු දාන්න බලවේග වැඩකරනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya