නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීග්‍ර සංවර්ධනයකට දේශපාලන භේද පසෙක තබා ජනතාව වෙනුවෙන් කටයුතු කරමු

    නොවැම්බර් 15, 2017

    රට සීග්‍ර සංවර්ධනයකට කටයුතු කරනවා නම්, දේශපාලන භේද පැත්තක තබා ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.


    විසර්ජන පනත් කෙටුම්පත 2018 ( පස්වැනි වෙන් කළ දිනය ) අද(15) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර  දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා  මේ බව ප්‍රකාශ කර සිටියේ ය.


    2015  දී ණය කන්දරාවක්, දණ ගැස් වූ ආර්ථිකයක්,බාර දුන්නේ. ආදායම බිලියන 2326ක් බලාපොරොත්තු වෙනවා.යම් විනයක් ඇතිව කටයුතු කළොත් මේ ආදායම ලබාගන්න පුළුවන්. නව්‍යකරණය,දේශීය ආදායම් පනත යළි සකස් කිරීම කඩිනම් කර තිබෙනවා. ආදායම් උපයා ගැනීමට  කටයුතු යවත්කාලීන කර තිබෙනවා. ආදායම අඩුවෙන ස්වරූපය දෙසත් බලන්න ඕන.  ලෝක බැංකුව කියන්න පුළුවන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්න  පුළුවන්, එහෙත් රටට ඔබින දේ කරන්න ඕන. ප්‍රායෝගික රැකියා ඇති කිරීම හා ව්‍යාපාර ආරක්ෂා කරගැනීම කළ යුතුයි.

    රටට ආදායම අවශ්‍යයි. ආදායම හොයලා, ණය අඩුකරන්න හැකි නම් සංවර්ධනයකට ගමන්කරන්න හැකි වේවී. සීමිත සම්පත් නිසි ආකරයෙන් භාවිත කරමු. අලුත් ශ්‍රී ලංකාවක් හදමු. ක්‍රියාවෙන් කටයුතු කරමු. අපට අවශ්‍ය සංවර්ධිත රටකට ගමන් කිරීමට යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya