නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික අංශයේ රැකියා උත්පාදනය දිරිමත් කිරීමේ අවශ්‍යතාවය මතුවී තිබෙනවා

    නොවැම්බර් 14, 2017

    අධ්‍යාපන ප්‍රතිපත්තිවල වෙනසක් සිදු විය යුතු බවත් පෞද්ගලික අංශයේ රැකියා උත්පාදනය දිරිමත් කිරීමේ අවශ්‍යතාවය මතුවී තිබෙන බවත් තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය දෙස අලුතින් සිතිය යුතු බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2018 ( සිව්වැනි වෙන් කළ දිනය ) අද(14) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

     

    වසර ගණනාවක ණය කන්ද, ජාත්‍යනතර අපකීර්තිය, ප්‍රශ්න ගණනාවක් හමුවේ අයවැය මේ ආකාරයෙන් හෝ ජනතාව ගැන සිතා අයවැය ඉදිරිපත් කර තිබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිපත්තිවල වෙනසක් සිදු විය යුතුයි. දරුවන් විභාගයට සූදානම් කරනවා හැර වෙන ක්‍රමයක් නෑ. දරුවන්ගේ ළමා ලෝකය නැතිවෙලා.

    නවීන ලෝකයේ රැකී රක්ෂවලට ගැළපෙන ආකාරයට අධ්‍යාපනය වෙනස් වෙලා නෑ. මේ තත්ත්වය වෙනස් කරමින් යනවා. රටේ තරුණ තරුණියන්ගේ රැකී රක්ෂා ප්‍රශ්නය ගැන අලුතින් සිතන්න වෙලා තිබෙනවා. අද පෞද්ගලික  අංශයේ රැකියා උත්පාදනය දිරිමත් කිරීමේ අවශ්‍යතාවය මතුවී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya