නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් අතර හමුවක්...

    නොවැම්බර් 12, 2017
    නාරාහේන්පිට යුධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ශ්‍රී ලංකා යුධ හමුදා නිළධාරින් අතර හමුවක් පසුගිය දා පැවැත්විණි.
    යුධ හමුදා බලඇණි අණදෙන නිලධාරින්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුථ 350 කට වැඩි පිරිසක් මීට එක්ව සිටී අතර සන්නද්ධ හමුදා සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයෙකු මෙවන් කණ්ඩායමක් එකවර ආමන්ත්‍රණය කළේ යුධ හමුදා ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයකි. 
    රට තුළ ගෙනයන සංහිදියා වැඩපිළිවෙළේදී ආරක්ෂක හමුදාවන් ඉටුකරන මෙහෙය අගය කළ ජනාධිපතිතුමා ජාතික ආපදාවන් සිදු වූ සෑම වස්ථාවකදීම තම ජීවිත පරදුවට තබා කි්‍රයාකිරීම පිළිබදව ද සියලූ ආරක්ෂක හමුදා සාමාජිකයින් වෙත සිය ගෞරවය පිරිනැමීය.
    ජනාධිපතිතුමාගේ මෙම දේශනය සියලූ ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක සහ අනෙකුත් හමුදා ආයතනවල යුද්ධ හමුදා සාමාජිකයින් 30,000 කට අධික පිරිසකට නැරඹීමට අවස්ථාව සළසමින් සජීවව විකාශය කිරීමට ද කටයුතු කර තිබුණි.
    ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න,  යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේ්ෂ් සේනානායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya