පුත්තලම දිස්ති‍්‍රක්කයේ පවතින ඉඩම් පිළිබඳ ගැටළු කඩිනමින් විසඳීමට රජය තීරණය කරන ලදී. ආණමඩුව එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක හා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් හෙළිදරව් කරන ලද තොරතුරු සමුදායකට අනුව මේ පිළිබඳ හදිසි සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර එහිදී මෙම තීරණයට එළැඹී ඇත.
බලපත‍්‍ර සහිත ඉඩම් හිමියන් වෙන නිත්‍යානුකූල ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී මුලික අවදානය යොමු විය. දිස්ති‍්‍රක්කය පුරා පවුල් දහස් ගණනක් මෙම ගැටළුවට මුහුණ පා සිටිති. වසර ගණනාවක සිට එම ජනතාව මුහුණ දී සිටින ගැටළුව කඩිනමින් විසඳීමට මෙහිදි තීරණය විය. එමන්ම පවුල් දස දහසකට ලබන වසරේදී නිත්‍යානුකූල ඉඩම් ඔප්පු ලබා දීමටද මෙහිදී තීරණය විය.
අනෙක් කාරණය වූයේ නීත්‍යානුකූල නොවන අයුරින් අත්පත් කරගෙන ඇති ඉඩම් සම්බන්ධයෙන් ගන්නා වූ කි‍්‍රයාමාර්ග සම්බන්ධවයි. නීත්‍යානුකූල නොවන අයුරින් ඉඩම් අත්පත් කරගෙන සිටින පුද්ගලයින් හදුනා ගැනීම, ඔවුන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම හා ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමටද මෙහිදී තීරණය වූ බවයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ. ඉදිරි මාසය තුළ මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට තිරණය වූ බව ඔහු පැවැසීය.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව හෙළි වී තිබෙන්නේ පුත්තලම දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණ ඉඩම් ජාවාරමක්ද සිදුවන බවයි. ප‍්‍රකාශන ඔප්පු නමින් ව්‍යාජ ඔප්පු සකස් කර රජයේ ඉඩම් අත්පත් කර ගනිමින් ඒවා අළෙවි කිරීම මෙම ජාවාරමයි. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් සිදු කිරීමටද තීරණය වූ බව රංගේ බණ්ඩාර මහතා පැවසීය.
එමෙන්ම බදු පදනම යටතේ ලබා දී ඇති ඉඩම් භූක්ති විදිමින් ඇතැමුන් විසින් අවට ඇති ඉඩම්ද නීති විරෝධී ලෙස අත්පත් කරගැනීමේ තත්ත්වයක්ද නිරීක්‍ෂණය වී තිබේ. මෙම ජාවාරම් සඳහා ඇතැම් පෞද්ගලික ආයතන පවා සම්බන්ධ බවත් අනාවරණ වී තිබේ. මෙම කාරණා සම්බන්ධයෙන් අවදානය යොමු කර ජනතාවට සාධාරණයක් වන පරිදි සහ ජාවාරම්වලට වැට බැදෙන පරිදි කටයුතු කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා පැවසුවේ ය.
ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ ඉඩම් කොමසාරිස් ජනරාල් ,පුත්තලම දිස්ති‍්‍රක් ලේකම්, පුත්තලම දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශිය ලේකම්වරු ඇතුළු නිලධාරින් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡව පැවැත්විණි.