නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට ගැළපෙන ලෙස පනත් වෙනස්විය යුතුයි- ක්‍රීඩා අමාත්‍ය

    නොවැම්බර් 11, 2017

    රටට ගැළපෙන ලෙස පනත් වෙනස්විය යුතු බවත් පනත් සංශෝධනය කෙරෙන්නේ රටකට හොඳක්වීමට බවත් නිවැරැදි මාර්ගයකට රට ගෙන යාමට සූදානම් විය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකට මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දින පැවැත්වෙන විවාදයට සහභාගීවෙමිනි.

    ලංකාවේ ටියුෂන් නතර කරන්න ඕන. ටියුෂන් කඩ ඇතිවෙලා. නැතිනම් ටියුෂන් ගුරුවරු පාසල්වලට දාන්න ඕන. මේක මානසික ප්‍රශ්නයක් වෙලා. ළමයින්ට නිදහසක් නෑ. ආර්ථිකය ශක්තිමත් පවුල්වල දරුවන් පිටරට යනවා. සාමාන්‍යපෙළින් ගෙදර ඉන්න ළමයි ඉන්නවා. රැකියා හිඟාකන එකක ඉන්නේ. මේ මානසික විකෘතියට පිළියමක් යොදන්න ඕන. නිවැරැදිව මේ ගැන කල්පන කරන්න නොහැකිනම් ගැටළුවක්. අධ්‍යාපනය ක්ෂේත්‍රයේ විශාල විප්ලවීය වෙනසක් ඇති කිරීමට අවශ්‍ය වී තිබෙනවා.

    අයවැයෙන් අලුත්  ව්‍යවසායකයන් සොයන වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා. අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා,හිතන්න තනියම ,වැඩකරන්න,එළියට එන්න හැකි විදියට. ඒ සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතුයි. වෘත්තීය පුහුණුව ශක්තිමත් කරලා ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්. 

     

    2020 සියලු අධිවේගී මාර්ග අවසන් කරලා එම මාර්ගවල ගමන් කිරීමට හකියාව සළසනව. මේ වසර පහට 194කිලෝමීටර් අධිවේගී මාර්ග හැදෙනවා. මේවා  මුදල් නොවේද? පනත් සංශෝධනය කරන්නේ රටට හොඳ විදියටයි. චින්තනයේ ප්‍රශ්නය තියෙන්නේ. අලුත් පනත් ගේන්න ඕන. වර්තමානයට ගැළපෙන පරිදි ඒවා හදන්න ඕන. නිවැරැදි මාර්ගයකට මේ රට රැගෙන යන්න ලෑස්තිවෙන්න ඕන යැයි ද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya