නියෝජ්‍ය අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දින පැවැත්වෙන විවාදයට සහභාගීවෙමිනි.
අපි සම්පූර්ණ සහයෝගය ලබාදුන්නා.අයවැය සම්මත කිරීමට සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. සැබෑ සාධාරන විවේචන ඉදිරිපත් කරනවා වගේම හොඳ දේවල් දැකිය යුතුයි.
රටක් ලෙස යම් දියුණුවක් නිදහසින් පස්සේ ලබාගෙන තිබෙනවා. පැවැති රජයන් හොඳ දේවල් ඉදිරිපත් කර තිබෙනවා. තාවකාලික විසඳුම් ලබාදීලා යම් යම් අංශ ගමන් කර තිබෙනවා. ඒ ප්‍රශ අද උච්ඡතම තැනකට ඇවිත්. ඒවට ස්ථීරසාර විසඳුම් ලබා නොදී යන්න බැරිවෙලා තිබෙනවා. කැළි කසළ ප්‍රශ්නය එවැන්නක්. කැළිකසලවලට ස්ථීරසාර විසඳුමක් ලබාදෙන්න හැකියාව ලැබෙමින් තිබෙනවා.
වර්තමානයට ගැළපෙන පරිදි නීති සංශෝධනය කළ යුතුයි කියලා අයවැයෙන් යෝජනා කර තිබෙන්නේ. පනත් අවලංගු කර නෑ.සමාජය තුළ වැරදි මතයක් තිබෙනවා,කුඹුරු පනත අහෝසි කරනවා,රේගු පනත අහෝසි කරනවා කියලා.
රටක් ලෙස තවමත් අපේ රටේ ස්වාභාවික සෞන්දර්යෙන් උපරිම ප්‍රයෝජන අරගෙන නෑ. මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. අයවැය තුළ දීර්ගකාලීන විසඳුම් ලබාදීම සඳහා වැඩසටහන් යෝජනා කර තිබෙනවා,. අයවැය තුළින් මොනම ආකාරයකවත් පුනරාවර්තන, ප්‍රාග්ධන වියදම් අඩු කර නෑ. කලින් දුන් සහනාධාර සුබසාධනය කප්පාඳු කරලා කියලා කියන්න බෑ.වැරදි මතයක් රටතුළ ඇතිකරන්න උත්සහ කරනවා අයවැයෙන් සියලු සුබසාධන කප්පාදුවට ලක් කර තිබෙන බව. එසේ සිදු කර නැතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.