මොරටුව මෙතෝදිස්ත උසස් විද්‍යාල වෙත පැමිණි ජනපති එම සිසු දරුවන් විසින් ද මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.
විද්‍යාලයේ 175 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්, අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන් සහ කී‍්‍රඩා ක්ෂේත්රයේ කුසලතා දැක්වූවන් ඇගයීමට ලක්කරමින් තිළිණ පිළිගැන්වීම ද ජනපති අතින් සිදු විය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ යන මහත්වරුන් සහ විදුහල්පතිනි නිලන්ති පෙරේරා මහත්මිය ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.