නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්තෝබර් විප්ලවයේ සියවස් සමරුවට ජනපති එක්වෙයි

    නොවැම්බර් 08, 2017

    ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ රගහලේ දී සංවිධානය කොට තිබූ විශේෂ සැමරුම් උත්සවයකට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය

    ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් සම්පාදනය කරන ලද ලාංකීය විද්වතුන්ගේ ලිපි එකතුවක් ඇතුළත් ,ඔක්තෝබර් විප්ලවය ඉදිරියටම, යන ග්‍රන්ථය කොමියුනිට්ස් පක්ෂයේ අධ්‍යාපන අංශයේ ලේකම් අගා ජයසේන මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

     

    සංස්කෘතික අංග රැසකින් මෙම සමරුව විචිත්‍රවත් ව තිබිණි.

     

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

     

    පොදු සටන්කාමිත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය මහඟු පාඩමක් කියා දෙනවා.සාර් රජ පෙළපතේ වැඩවසම් පාලනයට විරුද්ධව 1917 දී ලෙනින් ගේ නායකත්වයෙන් දියත් වූ ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහණය හුදෙක් රුසියාව නොහොත් එදා සෝව්යට් දේශය විසින් පමණක් නොව සමස්ත මානව වර්ගයා විසින් දිනාගන්න ලද ඓතිහාසික ජයග‍්‍රහණයක් ලෙස සැලකේ.

     

    අද දවසේ ද ජනතාව නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා විප්ලවයට සූදානම් වූව ද ඊට නායකත්වය දිය හැකි නායකයින්ගේ අඩුවක් ලෝකයේ පවතින බව ජනාධිපති මෙහිදී සඳහන් කළේය.

     

    රුසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවලට වර්තමානයේ ශක්තිමත් පදනමක් ලැබී ඇති බවද මෙහිදී සඳහන් කළ ජනාධිපති වසර 44 කට පසු රුසියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයෙකුට ලැබුණු පළමු ආරාධනය සනිටුහන් කරමින් තමන් එහි කළ සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වසරේ සිට දෙරට අතර පවතින, ආර්ථික වෙළෙඳ සබඳතා වඩා පුළුල් හා ශක්තිමත් වී ඇති බව ද කියා සිටියේය.

     

    ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් සම්පාදනය කරන ලද ලාංකීය විද්වතුන්ගේ ලිපි එකතුවක් ඇතුළත්, ඔක්තෝබර් විප්ලවය ඉදිරියටම, යන ග‍්‍රන්ථය කොමියුනිට්ස් පක්ෂයේ අධ්‍යාපන අංශයේ ලේකම් අගා ජයසේන මහතා විසින් ජනාධිපති වෙත පිළිගන්වන ලදී.

     

    කථානායක කරූ ජයසූරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, ශී‍්‍ර ලංකාවේ රුසියානු තානාපති, රුසියාවේ ශී‍්‍ර ලංකා තානාපති ඇතළු නිලධාරින් ද, ශී‍්‍ර ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩියූ ගුණසේකර මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් සහ විද්වතුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya