ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිගැන්වීමෙන් අනතුරුව කතානායකවරයා මේ බව පැවසී ය. දශක හතරකට ආසන්න කාලයක් පුරාවට පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින ස්ථවර නියෝග කාලීන වත්මන් ව්‍යවස්ථාදායක අවශ්‍යතාවන්ට අනුකූලව යාවත්කාලීන කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වී තිබූ බව දන්නා කරුණක්.
වත්මන් පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන කාල වේලාවන්, ආංශික අධීක්ෂණ කාරක සභා, විද්‍යුත් ඡන්ද ක්‍රමයය යනාදී වශයෙන් සිදු වී තිබෙන සහ සිදු කිරීමට නියමිත නව ප්‍රවණතාවන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අන්තර්ගත විය යුතු බව සභාවේ කටයුතු මනා ලෙස පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සාධකයක් බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.
ලෝකයේ දැනට පවතින තත්ත්වයන් පිළිබඳව විවිධාකාර දේශීය විද්වතුන් ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කරන ලද අඳහස් හා යෝජනා ද පසුගිය හත්වැනි පාර්ලිමේන්තුවේ දී පවා දීර්ඝ ලෙස සාකච්ඡා කළ ස්ථාවර නියෝග මැනවින් අධ්‍යයනය කර මාගේ සභාපතිත්වයෙන් යුත් ස්ථාවර නියෝග කාරක සභාව විසින් 2015 දෙසැම්බර් මස 16 වැනි දින සිට 2017 ඔක්තෝබර් 31 දින දක්වා පුරා වසර දෙකක ආසන්න කාලසීමාවක් තුළ රැස්වීම්වාර දොළහක් ගැඹුරින් සළකා බලා ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුව විසින් ද සළකා බලා ඉදිරිපත් කළ නිර්දේශ ද තවත් අඳහස් හා යෝජනා ද සැලකිල්ලට ගෙන ඉතාමත් ඕනෑකමින් සකස් කළ වාර්තාවක් බවද කතානායකවරයා සිය අඳහස් දක්වමින් පැවසී ය.