කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ පූජ්‍ය මීටියාගාඩ ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. ශ්‍රී දේහය තැන්පත් කර ඇති කොළඹ, රොස්මිඩ් පෙදෙසේ උන්වහන්සේ වැඩවිසු ආශ්‍රමය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.