නායකයින් දෙදෙනා මෙහිදී දෙරටට බලපාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙම සාකච්ඡාව අවසානයේදී ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
ජනාධිපතිවරයා සමඟ එහි ගොස් සිටින ජොන් අමරතුංග, ආචාර්ය හර්ෂ ද සිල්වා, බුද්ධික පතිරණ, අජිත් පී පෙරේරා යන මැති ඇමැතිවරුද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.