නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මැන්චෙස්ටර්හි ප‍්‍රහාරය හෙළා දකී

    මැයි 24, 2017
    අහිංසක සිවිල් වැසියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සහ පනස් දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදුකරමින් මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි සංගීත ප‍්‍රසංගයකට එල්ල වූ ප‍්‍රහාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරයේ හෙළා දකී.
     
    මහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මැතිණිය වෙත ශෝක පණිවිඩයක් යවමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ සියලු ආකාරයේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ලොව සෑම රාජ්‍යයක්ම ප‍්‍රමුඛත්වය දියයුතු බවයි.
     
    දේශපාලන අරමුණු වෙනුවෙන් නිරායුධ අහිංසක පුරවැසියන් ඝාතනය කිරීම බියසුළු ක්‍රියාවක් බව ද සිය ශෝක පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන ජනාධිපතිතුමා මෙම ඛේදජනක අවස්ථාවේදී බ්‍රිතාන්‍ය රජය සහ එරට ජනතාව වෙතත් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් කනගාටුව පළකරයි.
     
    එසේම, ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය බලවත් සංවේගය පළ කරන ජනාධිපතිතුමා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කර සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya