නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුණු ගැටළුව විසඳිය හැකියි - ජීවන චර්යාවේ වෙනසක් අවශ්‍යයි

    අප්‍රේල් 28, 2017

    කුණු ගැටළුවට බිය විය යුතු නෑ. මෙය විසඳන්නට පුළුවන් ප්‍රශ්නයක්. කුණු ප්‍රශ්නය විසඳීමට අපේ ජීවන චර්යාවේ වෙනසක් අවශ්‍යයි. යළි සිතා බැලීමේ චර්යාවේ වෙනසක් අවශ්‍ය යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, කසළ ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු සභාව කල්තබන අවස්ථාවේ විවාදයට අඳහස් දක්වමිනි.


    කැළිකසළ නිසි ලෙස බැහැර කිරීමට නොහැකි වීම ජාතික ව්‍යවසනයක් බවට පත්වෙලා. ජනාධිපතිතුමා කැළිකසළ බැහැර කිරීම අත්‍යවශ‍ය සේවයක් බවට පත් කරලා පර්ලිමේන්තුවට ගැසට් නිවේදනයක් ගෙනාවේ. මර්දනයට නීති රීති ගෙනවා කියලා ඇතැම් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු මතයක් ගේන්න හැදුවා.

    වැරදි ලෙස අර්ථකතනය කරන්න එපා. මේ ප්‍රශ්නයේ දී හැමෝම හැමොටම චෝදනා කළා. ඉන් පලක් නෑ. සාමූහික උත්සහයක යෙදෙන්න අවශ්‍යයි. නැවත එකිනෙකාට චෝදනා නොකර තනි මතයකට එන්න ඕන. සමාජයේ මතුවන සෑම උද්ඝෝෂණයක් සාධාරණ නෑ.


    කැළි කසළ ප්‍රශ්නයේ දී දේශපාලන න්‍යාය පත්‍ර ඉස්මතු කරන උද්ඝෝෂණ තිබෙනවා. මෙම වැරදි උද්ඝෝෂණ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. කුණු මාෆියාවෙන් උද්ඝෝෂණය කරන අය ඉන්නවා.

    මෙහි සමාජ පාර්ශවකරුවන් සිටිනවා. මෙහි පුද්ගල මට්ටමේ වගකීමක් තිබෙනවා. විද්‍යාත්මක කසළ කලමනාකරණය සාර්ථක වන්නේ නෑ, ගෘහස්ථ මට්ටමින් ම කසළ වර්ගීකරණය කළේ නැත්නම්. ඒ නිසා පුද්ගල වගකීමක් තිබෙනවා.

    ඒවගේම ජනමාධ්‍යයට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබෙනවා. මේ ජනමාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා,චර්යාත්මක වැඩසටහන් සංවිධානය කරලා,පුද්ගල, සමාජ, දේශපාලන,චර්යා ඒකරාශී කරන දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා කොටස් කරුවන් වෙන්න කියලා.

    කුණු ගැටළුවට බිය විය යුතු නෑ. මෙය විසඳන්නට පුළුවන් ප්‍රශ්නයක්.එහෙත් කුණු මාෆියාව මෙයට ඉඩ දෙන්නේ නෑ.මීතොටමුල්ල කුණු කන්දෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි. කුණු පිළිබඳව පවතින ප්‍රාදේශීය වාදය ගැන කිසිම පදනමක් නෑ. කොළඹ කුණු කියලා ජාතියක් නෑ. කුණු කුණුම තමයි. අපේ ජීවන චර්යාවේ වෙනසක් අවශ්‍යයි. යළි සිතා බැලීමේ චර්යාවේ වෙනසක්, ධාර්මික වෙනසක් අවශ්‍ය වී තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya