අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටගල පාසල් සිසුන් පිරිසක් ජනපති හමුවෙති

    අප්‍රේල් 25, 2017

    කොටගල දෙමළ මහා විද්‍යාලයේ සහ හැටන් හයිලන්ස් විද්‍යාලයේ දරුවන් පිරිසක් ඊයේ (24) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

    ඒ තම ඉල්ලීම් කිහිපයක් ඉටු කරදීම පිළබඳ ජනාධිපතිතුමා වෙත  ස්තූතිය පිරිනැමීමට සහ තම පාසල්වල පවතින තවත් අඩු පාඩු කිහිපයක් පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කිරීමටය.

    පසුගිය ජනවාරි 21 වනදා තලවකැලේ තේ පර්යේෂණායතනයේ පැවති උත්සවයකට සහභාගීවීමට ගිය ජනාධිපතිතුමා ගමන්ගත් ගුවන් යානය නතර කළ කොටගල ප‍්‍රදේශයේදී ජනාධිපතිතුමා වටකරගත් පාසල් දරුවන් ඇතුළු ප‍්‍රදේශවාසීන් පිරිසක් එතුමා සමඟ සුහද කතා බහක නිරත විය.
    එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලූ ජනාධිපතිතුමා පාසල්වල පවතින අඩු පාඩු පිළිබඳව ද විමසා සිටියේය.

    එහිදී සිය පාසල්වල පවතින සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රමාණවත් නොවීමේ ගැටලුව  සහ තවත් මූලික අඩු පාඩු කිහිපයක් පිළිබඳ දරුවන් ජනාධිපතිතුමාව දැනුවත් කළහ.

    එම ඉල්ලීම් ඉටුකරදීමට ජනාධිපතිතුමා විසින් කඩිනම් පියවර ගත් අතර එම දරුවන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී මෙලෙස ජනාධිපතිතුමා හමු වී සිය ස්තූතිය පිරිනැමීය.

     සිය නිර්මාණ කිහිපයක් ද මෙහිදී එම දරුවන් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආරුමුගම් තොණ්ඩමන්, මුත්තු සිවලිංගම්, ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් සහ එම විද්‍යාලවල විදුහල්පතිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya