අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීතොටමුල්ල වාර්තාව ජනපතිට

    අප්‍රේල් 24, 2017

    මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්විමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය.

    නියෝජිත පිරිසේ ප‍්‍රධානියා වන Mitsutake Numahata මහතා විසින් එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමෙන් පසු සිය නිර්දේශ පිළිබඳ පැහැදිළි කිරීමක් ද සිදු කළේය.

     

    මෙම ගැටලුව විසඳීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් කසළ කන්දේ පදනම සවිමත් කර පොලිතින්වලින් වසා දැමීම සහ ඉදිරි වාර්ෂා කාලයට පෙර කසළ කන්දේ පිහිටීම කන්දක හැඩයට නිර්මාණය කර ගුරුත්වාකර්ෂණයට අනුකූල ලෙස සම්පාදනය කිරීම පෙන්වා දෙන ලදී.

     

    කසළ කන්දේ ප‍්‍රමාණය ක‍්‍රමයෙන් අවම කර ප‍්‍රතිචක්‍රීකරණය, බලශක්ති උත්පාදනය සහ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා උපයෝගි කර ගැනීම දීර්ඝකාලීන නිර්දේශ ලෙස ඉදිරිපත් කරනු ලැබීය.

     

    මෙම ඛේදවාචකය සිදුවී ඉතා කෙටි කාලයක් තුළ මෙරටට පැමිණ පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් භාරදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නියෝජිත පිරිස වෙතත්, ජපාන රජය වෙතත් සිය ස්තූතිය පිරිනැමීය.

     

    මෙහිදී අදහස් දැක්වූ ජපාන නියෝජිත පිරිසේ ප‍්‍රධානිය පෙන්වා දුන්නේ 1960 දී ජපන් ජනතාවද කසළ කඳු පිළිබඳ විරෝධය පළකිරීමත් සමඟ එම ගැටලුව නිරාකරණය කර ගැනීමට ගත් පියවර සම්බන්ධයෙන් ජපානය සතු මහඟු අත්දැකීම් ශ්‍රී ලංකාවට ද වැදගත් වනු ඇති බවයි.

     

    මානූෂිය ඛේදවාචකයක් වූ මීතොටමුල්ල සිදුවීම දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත් කරගෙන තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

     

    ශ්‍රී ලංකාවේ කසළ ගැටලුව විසඳීමට ජපන් රජයේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

     

    අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, ජපාන තානාපති කෙනෙචි සුගනුමා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya