මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතනවලට විශේෂ ගැසට් නිවේදනයක්

    අප්‍රේල් 21, 2017

    සියලුම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.

    මෙම ගැසට් නිවේදනය අද (2017-04-20) මධ්‍යම රාත‍්‍රි 12.00 සිට බලාත්මක වන අතර ඊට අදාළ නිවේදනය පහත පරිදි වේ.

    මහජන ආරක්ෂක පනතේ 17 වන වගන්තිය ප‍්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද නියෝගයක් අනුව, ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් කි‍්‍රයාත්මක කරන හා පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප‍්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය, නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන කි‍්‍රයාමාර්ග මෙම නියෝගයට අදාළ වේ.
    එමෙන්ම මේවා අත්‍යාවශ්‍ය සේවා බවට එමගින් නියම කර ඇත.

    එමගින් පහත සඳහන් ක්‍රියාමාර්ග ආවරණය වේ.

    01- යම් කිසිවෙකු පුද්ගලයෙකුට හෝ දේපළවලට වාචිකව හෝ ලිඛිතව හිංසනයක් සිදු කිරීමෙන් එනම් තර්ජනය කිරීම, බලහත්කාරයෙන් හෝ කුමන අන්දමකින් හෝ අපහාසයකින් හෝ අන් ක‍්‍රමයකින් එම කාර්යයන්හි යෙදීම වැළැක්වීම, බාධා කිරීම, ප‍්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදකි. එමෙන්ම මෙවැනි ක්‍රියාවන් සඳකහා බලපෑම, ජනතාව ප‍්‍රකෝප කිරීම අන් අන්දමකින් පෙළඹවීම මගින් එවැනි සේවා පවත්වාගෙන යාමට යමෙකුට බාධා කිරීම රැකියාවෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීම නීති විරෝධි වේ. තවද මෙවැනි කාර්යයන් සඳහා රැකියා අවස්ථාවන් සැපයීම හෝ රැකියාවන් භාර ගැනීම වැළැක්වීම ද එසේම වරදකි.

    මෙකී ක්‍රියාවන් සඳහා කිසිවෙකු ශාරිරිකව හෝ වාචිකව හෝ ලිඛිතව හෝ බලපෑම් කිරීම, දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

    02- මෙම පනතේ විධිවිධාන අනුව උක්ත ක්‍රියාවන් කළ හෝ කරන හෝ කළේ යැයි සැක කිරීමට සාධාරණ හේතු ඇති විට ඕනෑම පොලිස් නිළධාරියෙකුට වරෙන්තු රහිතව, ඕනෑම අවස්ථාවක එවැන්නෙකු අත්අඩංගුවට ගත හැකිය.

    03- මෙවැනි වරදකට හසුවූ කෙනෙකු මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරිපිට නඩු විනිශ්චයකින් පසුව බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කළ හැකි වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya