අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් අතර සාකච්ඡා

    අප්‍රේල් 18, 2017

    වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා තහවුරු කරන අතරම, වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂය සහ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ අතර මිත්‍රත්වය ශක්තිමත් කරලීමේ සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බව වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් ගුයෙන් ෆු ට්‍රොං (Nguyen Phu Trong) මහතා පැවසීය.

    හැනොයි නුවර වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පවත්වමින් මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වියට්නාම් නිදහස් අරගලයේ දී ශ්‍රී ලංකා ජනතාව ලබා දුන් සහයෝගය තමන් නිරන්තරයෙන්ම අගය කරන බවය.

     

    වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජිත පිරිසකට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන මෙන් ආරාධනා කළ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා, ඒ සංචාරයේ දී වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂය හා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ අතර, තිරසර සම්බන්ධතාවනට පදනම සකස් කළ හැකි බව පෙන්වා දුන්නේය.

     

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව යහපත් මාවතකට අවතීර්ණ කර, සංවර්ධනය කරා රැගෙන යාමේ ක්‍රියාන්විතය පිළිබඳව කොමියුනිස්ට් පක්‍ෂ මහලේකම්වරයා ප්‍රසාදය පළ කළේ ය.

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන දෙරටම සාමය, ජාතික ඒකාබද්ධතාවය හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බව මෙහිදී අවධාරණය කෙරිණි.

    දෙරට අතර ආර්ථික, වෙළඳ, සංස්කෘතික, අධ්‍යාපන, තරුණ, ආරක්‍ෂක, පාර්ලිමේන්තු ආදී ක්ෂේත්‍ර‍ ගණනාවක් පුරා සබඳතා ශක්තිමත් කරලීමේ වැදගත්කම සම්බන්ධව ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි.

    ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අළුවිහාරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජයවර්ධන, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජෙනරාල් සුදන්ත ගනේගමආරච්ච්, අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද, මේ සාකච්ඡාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya