අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සිය නිල නිවසේදී අලුත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කරයි

    අප්‍රේල් 15, 2017

    සිංහල සිරිතට මුල් තැන දෙමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (14) කොළඹ ජනාධිපති නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත‍්‍ර ඉටුකිරීමට එක් විය.



    ජයන්ති සිරිසේන මැතිණිය සහ චතුරිකා, දහම්, තිළිණ, ධරණී දූ පුතුන් සමඟ එක්ව  නැකතට ලිප ගිනි දැල්වූ ජනාධිපතිතුමා අලුත් අවුරුදු චාරිත‍්‍රවල නිරත විය.

     

    වැඩ ඇල්ලීමේ චාරිත‍්‍රය ඉටු කරමින් ජනාධිපති නිල නිවස පරිශ‍්‍රයේ රත් සඳුන් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
    අනතුරුව ගනුදෙනු කිරීමේ චාරිත‍්‍රය සඳහා එක් විය.

    උදා වූ සිංහල අලුත් අවුරුද්දට ජනාධිපතිතුමාට සුබ පැතීමට මැති ඇමතිවරු මෙන්ම හිතවතුන් ද ජනාධිපති නිල නිවස වෙත පැමිණ සිටි අතර ඔවුන් සුහදව පිළිගත් ජනාධිපතිතුමා ආහාර පාන වලින් සංග‍්‍රහ කළේය.

    මේ අතර චාරිත‍්‍රානුකූල හිසතෙල්ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද (15) පෙ.ව 11.04 යෙදෙන සුබ නැකතට අනුව මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ ශී‍්‍ර නාථ දේවාල භූමියේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya