අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මර්සලින් ජයකොඩි පියතුමාට උපහාර පිදීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 10, 2017

    ''එරබදු වසන්තම්''ජාතික හා ආගමික සංහිදියාව පිළිබද සංස්කෘතික ප්‍රසංගය සහ ස්වර්ගස්ථ කලාසූරි මර්සලින් ජයකොඩි පියතුමාට උපහාර පිදීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ දංකොටුව, සිංගක්කුලියේ දී පැවැත්විණි.

    මේ රටේ සැමගේ සිත් දිනා සිටි පූජක උතුමෙක් මෙන්ම විශිෂ්ට කලාකරුවෙකු වූ මර්සලින් ජයකොඩි පියතුමාගේ සේවය මෙහිදී ගරු ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
    එම සේවය අගය කරමින් එතුමාගේ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන විනිෆ්‍රිඩා ජයකොඩි මහත්මිය වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ගරු ජනාධිපතිතුමා අතින් සිදු විය.

    පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල් ගෝමස් පියතුමා ඇතුථ ක්‍රිස්තියානු, කතෝලික, හින්දු පූජකතුමන්ලා ද, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, යන මහත්වරුන් ද සරසවි කලා සංගමයේ සභාපති ආනන්ද කරුණාරත්න මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya