අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ප්‍රශ්නය වසර 2018 දී අවසන්- උසස් අධ්‍යාපන අමාත්‍ය

    අප්‍රේල් 04, 2017

    වසර 2018 වනවිට විශ්වවිද්‍යාලවල සියලු විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ප්‍රශ්නය විසදා අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    මේ සම්බන්ධයෙන් මුදල් වෙන් කර තිබෙන බවත් අවශ්‍ය කටයුතු සිදුවන බවත් අමාත්‍යවරයා පැවසී ය.

     

    යාපනයේ විශ්වවිද්‍යා සිසුන්ට පවතින ජල ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන බවයි.

    සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් විමසූ පැනයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙන බවත් නඩු තීන්දුව පිළිගත නොහැකි යැයි වර්ජනය කරන්නේ කෙසේදැයි විමසා සිටියේ ය. තවද උසාවි තීන්දු දියාරු කිරීමට වර්ජන වලින් හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමෙන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya