අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාකරුවන්ගේ ජීවිතයේ සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ නොතබන බව ජනපති පවසයි

    අප්‍රේල් 04, 2017

    සුවහසක් රසික හදවත් රසාස්වාදයෙන් පිනවූ මෙරට කලාකරුවන්ගේ ජීවිතවල සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ නොතබා රජයේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් ලක්ෂ 250 ක මුදලක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

    සිය හැකියාවන් සහ දක්ෂතාවයන් තුළින් දැයක් රසවත් කළ කලාකරුවන්ට නිසි වටිනාකමක් සහ ඇගයීමක් ලබාදෙමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ගතයුතු සියලු පියවර ගැනීමට වත්මන් රජය පසුබට නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කලාව, සාහිත්‍යය සහ සංගීතයට දේශපාලනයක් නොමැති බව ද පැවසූ ජනාධිපතිතුමා කුමන දේශපාලන වේදිකාවක සිටිය ද තමා මෙරට සියලු කලාකරුවන්ට සලකන්නේ කලාකරුවන් ලෙස බව ද කියා සිටියේය.

    පසුගිය වසර දෙක තුළ කලාකරුවන්ගේ රෝගී තත්ත්වයන්, අභාවයන් ඇතුළු සියලු අවස්ථාවල ඒ සඳහා ලබා දිය යුතු දායකත්වය ලබාදීමට තමා කටයුතු කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා ඉදිරියටත් එම වගකීම් නිසි ලෙස ඉටු කරන බව ප‍්‍රකාශ කළේය.

    රටේ ඉදිරි ගමන වෙනුවෙන් කලාකරුවන්ට ඉටු කළ හැක්කේ විශිෂ්ට මෙහෙවරක් බවද පෙන්වාදුන් ජනාධිපතිතුමා එම යුතුකම් ඉටු කිරීමට ඔවුන් ඉදිරියට පැමිණෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිතුමා විසින් ශී‍්‍ර ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්, ලේකම් ජානක වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු සංගමයේ සාමාජිකයින් වෙත භාරදෙනු ලැබීය.

    මෙහිදී අදහස් දැක්වූ සංගමයේ ලේකම් ජානක වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ ගායක ගායිකාවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් කි‍්‍රයාත්මක වූ පළමු අවස්ථාව මෙය බවයි.

    ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වූ අවස්ථා හැර මෙරට කලාකරුවන් සිය දේශපාලනය සඳහා යොදා ගැනීමට වත්මන් ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක කටයුතු නොකළ බවද පැවසූ ජානක වික‍්‍රමසිංහ මහතා දේශපාලන භේදයෙන් තොරව සමස්ත කලාකරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමා සිදු කළ මෙම පරිත්‍යාගය පිළිබඳව ද සිය කෘතවේදීත්වය පළ කළේය.

    ගායක ගායිකාවන් ඉදිරිපත් කළ ගීත රසවිඳීමට ද ජනාධිපතිතුමා මෙහිදී එක් විය.

    ප‍්‍රවීණ ගායිකා ලතා වල්පොල, දයාරත්න රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු ගායක ගායිකාවන්, කලාකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya