මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දවුල්දෙන මහානාහිමි ආදහනපූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිත අප්‍රේල් 6 වැනි දා නිදහස් චතුස්‍රයේදී

    අප්‍රේල් 03, 2017

    අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාවේ උත්තරීතර නායක අග්‍ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥාණේස්සර මාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අප්‍රේල් 6 වැනි බ්‍රහස්පතින්දා පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චිතුරස්‍රයේදී සිදු කිරීමට ආදාහන කමිටුව තීරණය කොට ඇත.

    අපවත් වන විට මහානාහිමියෝ 102 වැනි වියේ පසුවූහ.

     

    ආලෝක මුදියන්සේලාගේ සිරිබද්ධන නමින් ඌව පරණගම දවුල්දෙන ග්‍රාමයේදී 1915 දෙසැම්බර් 31 වැනිදා උපත ලැබූ උන්වහන්සේ පැවිදි දිවියට පත් වූයේ 1928 මාර්තු මස 8 වැනිදා සපුගොල්ල තපෝවධනාරාම මූලමහා විහාරයේදීය.

     

    මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙණින් අධ්‍යාපනය හැදෑරු දවුල්දෙන ඥාණෙස්සර හිමියෝ අග්ගමහා පණ්ඩිත, සාහිත්‍ය සූරි, ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද, ද්විභාෂා විශාරද, සංස්කෘත චක්‍රවර්තී රාජකීය පණ්ඩිත ආදී ගෞරව නාම රැසකින් පිදුම් ලබා ඇත.

     

    දවුල්දෙන ඥාණේස්සර මහානාහිමියෝ අමරපුර මහාසංඝ සභාවේ මහානායක පදවියට පත් වූයේ 2002 වසරේදීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya