උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් අද (23) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
සයිටම් විශ්වවිද්‍යාලය පටන් ගත්තේ පසුගිය රජයෙන්. සයිටම් ප්‍රශ්නය දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බලන්නේ නැතිව ළමයින්ට විසඳුම් ලබාදෙමු. මෙය නැතිනම් ජාතික අපරාධයක් වෙනවා. දෙපිරිසම පෙළපාලි යනවා.මේ ප්‍රශ්නය විසඳන්න සහාය ලබාදෙන්න. මිලියන 7000ක් මුදල් යනවා ළමයි පිටරට ගිහින් ඉගෙන ගන්න නිසා. ළමයි දුක් විදලා ඉගෙන ගන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න පුළුවන් නම්, මේ ළමයි ඉන්නව. සයිටම් විශ්වවිද්‍යාලය පිළිගත්තොත් තවත් විශ්වවිද්‍යාල පහක් එන්න කැමැත්ත පළකර තිබෙනවා. සයිටම් ප්‍රශ්නය ජතික ප්‍රශ්නයක් ලෙස සළකා ප්‍රශ්නයට අවසානයක් ලබාදෙමු.
එක්සත් ජාතික පක්ෂය නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කළේ. එය විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ.වසර 68ක් විසඳාගැනීමට නොහැකි වූ ප්‍රශ්න විසඳන්න අපි ජාතික ආණ්ඩුවක් හැදුවා.
විශ්වවිද්‍යාලවල කල්පැනගිය පාඨමාලා නැවත සකස් කිරීමට පියවර ගෙන ඇත. අනධ්‍යන සේවකයන්ගේ පුහුණු කටයුතු සඳහා වෙනම ආයතනයක් පිහිටුවනු ලැබේ. සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්න 2017 සියලු නේවාසිකාගාර ප්‍රශ්න විසඳනවා. නේවාසිකාගාර 24ක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මහපොළ ශිෂ්‍යාධාර වැඩිකර තිබෙනවා. දැනට බාහිර උපධි සිසුන්ගේ ප්‍රශ්නය විසඳීමට පියවර ගෙන ඇති අතර විවෘත විශ්වවිද්‍යාලය හරහා දුරස්ථ අධ්‍යාපනයට වැඩි ඉඩකඩ ලබාදෙනවා.
ප්‍රථමවරට දේශීය කොන්තරත්කරුවන්ට කොටසක් දුන්නා. රුවන්පුර අධිවේගී මාර්ගයට ඉඩම් අත්පත්කරගනිමින් සිටිනවා. කොළඹ ආවට මාර්ග සංවර්ධනය, බේස්ලයින් මාර්ගය දීර්ග කිරීම, කොළඹ හොරණ මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම, මහනුවර තදබදය අඩු කිරීමට උමං මාර්ගයක් 2018 ආරම්භ කිරීමට කටයුතු කරනවා. කැළණි පාළමේ සිට රාජගිරිය දක්වා, කුළුණු මත මාර්ගයක් ඉදි කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය වසරේ සාර්ථක වැඩකටයුතු රැසක් කර තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.