නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමල් කොස්තා කලාකරුවාණන් සුවිශේෂ වූ රංගන ප්‍රතිභාවකින් හෙබි චරිතාංග නළුවෙක්

    නොවැම්බර් 22, 2016

    60 දශකයේ කලා ක්ෂේත්‍රයට පිවිසි ප්‍රවීණ රංගධර විමල් කුමාර ද කොස්තා කලාකරුවාණන් සුවිශේෂ වූ රංගන ප්‍රතිභාවකින් කලා ලොව ජයගත් චරිතාංග නළුවෙක් බව ඒ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    එම සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.

     

    වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව ස්වකීය ප්‍රතිභාපූර්ණ රංග කෞශල්‍යයෙන් ඔපවත් කළ ප්‍රවීණ රංගධර විමල් කුමාර ද කොස්තා කලාකරුවාණන් ජීවිතයෙන් සමුගත් බව දැනගන්නට ලැබීම ශෝකයට කරුණකි. 60 දශකයේ කලා ක්ෂේත්‍රයට පිවිසි විමල් ඔහුටම සුවිශේෂ වූ රංගන ප්‍රතිභාවකින් කලා ලොව ජයගත් චරිතාංග නළුවෙකි.

     

    වේදිකාවෙන් කලා ලොවට පිවිසි ඔහු, කොරා සහ අන්ධයා, ගොඩෝ උන්නැහේ එනකං, දුන්න දුනුගමුවේ, හිත හොඳ අම්මණ්ඩි වැනි ඉහළ ජනතා ප්‍රසාදයක් දිනූ වේදිකා නාට්‍ය රැසක් සිය සජීවී රංගන ප්‍රතිභාවෙන් ඔපවත් කරන්නට සමත් විය. දක්ෂ අභිරූපණ රංගන ශිල්පියකු වූ විමල් අභිරූපණ රංග කාර්යය කලාවක් ලෙස ශ්‍රී ලංකාවේ සමාජගත කරන්නට පුරෝගාමී කාර්යභාරයක් ඉටුකළේය.

     

    ධර්මසේන පතිරාජගේ සතුරෝ කෙටි චිත්‍රපටයෙන් සිනමා ලොවට පිවිසුණු ඔහු, වෙස් ගත්තෝ, අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, සොල්දාදු උන්නැහේ, සරුංගලේ, බඹරු ඇවිත්, චංචල රේඛා, පෙරළිකාරයෝ වැනි කලාත්මක සහ වාණිජ චිත්‍රපට රැසක රඟ දක්වමින් ලාංකේය සිනමාවේ විමල් කුමාර ද කොස්තා නාමය අනන්‍ය ලකුණක් ලෙස සනිටුහන් කරන්නට සමත් විය.

     

    70 දශකය, සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස ඔසවා තබන්නට දායක වූ චිත්‍රපටි රැසක් සිය රංග ප්‍රතිභාවෙන් විශිෂ්ටත්වයට නංවාලන්නට විමල් කුමාර ද කොස්තා භාග්‍යය ලැබුවේය.


     
    ප්‍රවීණ රංගධර විමල් කුමාර ද කොස්තා මහතාගේ වියොවින් වේදනාවට පත් පවුලේ සැමට,  ඥාති හිත මිත්‍රාදීන්ට මාගේ බලවත් ශෝකය පළ කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya