විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් සිටිය දී ජනාධිපතිතුමාගේ පැමිණීම සිදු විය.
අතිගරු ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ජාතික අඪ්යාපන කොමිෂන් සභාව, ශ්‍රී ලංක මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව,පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, විගණකාධිපති, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව යන වැය ශීර්ෂ අද දින විවාදයට ගැනේ.