නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ආවා'' කණ්ඩායම ගැන විමර්ශන සිදු කරනවා- අමාත්‍ය සාගල රත්නායක

    නොවැම්බර් 15, 2016

    ''ආවා'' නැමැති කණ්ඩායම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරගෙන යන බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

     ''ආවා'' නැමැති කණ්ඩායම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    මෙම කණ්ඩායම විසින් යාපනය අර්ධද්වීපය තුළ,යාපනය, කෝපායි, චුන්නාගම්,චාවාකච්චේරි,මනිපායී යන පොලිස් වසම්වල හා උතුරු පළාත්වල විවිධ කොල්ලකෑම් හා විශ්වවිද්‍යාල සිසුන් බිය වද්දා පහර දීම්,වෙළඳ ව්‍යාපාරිකයින් බියවද්දා පහර දීම්,වැනි අපරාධ සිදු කර ඇති බවට වාර්තා වී ඇත. පසුගිය කාලයේ කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ කර ඇති බවට තොරතුරුඅනාවරණය කරගෙන තිබෙනවා. සාමාජිකයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා තිබෙනවා.දැනට 62ක් කියා හඳුනාගෙන තිබෙනවා.ඉන් 38ක් අත් අඩංගුවට අරගෙන හයදෙනෙකු පිළිබඳව විමර්ශන කරගෙන යනවා. තවත් අට දෙනෙකු සොයමින් සිටිනවා. මෙයයි වර්තමාන තත්ත්වය.මේ පිරිස අතේ සල්ලි තිබෙනවා.විදේශගත ව සිටින ඥාතීන්ගෙන් සල්ලි එනවා කියා සිතනවා. නවීන පන්නයේ මෝටර් සයිකල් තිබෙනවා.විමර්ශන කරගෙන යනවා.යුද හමුදා  නිලධාරියේ සේවයට වාර්තා නොකළ අයෙක්. විමර්ශන කරගෙන යනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya