අමාත්‍යවරයා මේ බව අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කර යථාර්වාදී අයවැයක් ඉදිරිපත් කිරීමට රජය දරන ලද උත්සහය අගය කරනවා, අයවැය ගැන විවේචනය කරන ය කියන්නේ මෙය ණය වැයක් කියලා. විවිධ දෘෂ්ටිකෝනයක්ගෙන් බලන්න පුළුවන්. අපි යථාර්ථය ගැන අපි සළකා බැලීම වැදගත්.
මේ ප්‍රශ්නය දෙස නඹුරුවිය යුත්තේ කෙසේ ද කියා වැදගත් වෙනවා.අයවැය පාලනය කර නෑ, ණය ගැනීමක් නොකර. සෑම රටක් ම එහෙමයි.
මේ කාලන්තරය තිස්සේ ම සමස්තයක් ලෙස අයවැය පරතරය වැඩි වී තිබෙනවා.මෙය අපේ රටේ පමනක් තිබෙන ප්‍රවනතාවක් නොවේ. ණය අරගෙනයි අයවැය සම්පූර්න කරන්නේ. ඉ නිසා ණය ගැනීම අනිවාර්යයි. විපක්ෂය කරන විවේචනයක් තිබෙනවා. ණය ගැනීමේ දී නිර්ණායක තිබෙන්නට අවශ්‍යයි.
මේ රජය යන ගමන පිළිබඳව ජාත්‍යන්තර දැක්ම හා විශ්වාසය චීන තනාපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිළියි. අපි අසීමිත ලෙස ණය ගෙන නිෂ්පාදනය නොකළ හොත් ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. අපේ රජය ඒ සඳහා අවධානයෙන් වැඩ කරනවා. අපනයනය ඉලක්ක කර ගත් කෘෂි කර්මාන්තයක් තිබිය යුතුයි. කර්මාන්ත ආකර්ෂණය කර ගෙන නෑ. මේ දුර්වලතාවය මේ රජය වෙනස් කර තිබෙනවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.