අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ කරාඹුනැටි වගා කරනු ලැබූ භූමී ප්‍රමාණය හෙක්ටයාර 7649ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.කරාඹු නැටි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නව වගා හඳුනවා දීම හා නිරෝගී පැල ලබා දීම,ධන සවිය මඟින් අක්කර කාලට අඩු වගාවන් සඳහා කරාඹුනැටි පැල ලබාදීම,වගා උපදෙස් ලබාදීම සහ වගාවට අදාළ ඵලදායීතාව වැඩි කිරීම සඳහා උපදෙස් හා ආයෝජන ආධාර ලබාදීම සිදු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.