නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති තායිලන්ත රජුගේ දේහයට අවසන් ගෞරව දක්වයි

    ඔක්තෝබර් 31, 2016

    තායිලන්තයේ භූමිභෝල් අදුල්යාදේ රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (30) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තායිලන්තය බලා පිටත්ව ගියේය.

    මල් කළඹක් තැන්පත් කර භුමිබෝල් රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිතුමා අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

    වසර 70 ක් තායිලන්තයේ සිහසුන හෙබවූ භුමිභෝල් රජු පසුගිය 13 දා අභාවප‍්‍රාප්ත වූ අතර තායිලන්ත රජය ඒ වෙනුවෙන් දින 100 ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

    මේ වන විට ලොව සිවු දෙසින් පැමිණෙන රාජ්‍ය නායකයෝ තායිලන්ත රජුගේ දේහයට අවසන් ගෞරව දක්වමින් සිටිති.

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ, තායිලන්තයේ ශී‍්‍ර ලංකා තානාපතිනි ෂෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    තායිලන්ත රජුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව ජනාධිපතිතුමා ඊයේ රාති‍්‍රයේම යළි දිවයිනට පැමිණියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya